මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා අභියෝගය ජයගැනීමට ජාතියක් ලෙස අප සියල්ල කැප කිරීම් සිදු කළ යුතුයි - අමාත්‍ය උදය ගම්මන්පිල

    මැයි 25, 2021

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි කර ඇති සංචරණ සීමා වලට අනුගත වෙමින් පැමිණෙන දුෂ්කරතාවයන්ට මෙරට සමස්ත ජාතියම එකාවන්ව මේ මොහොතේ මුහුණ දීමට කටයුතු කළ යුතු බව බලශක්ති අමාත්‍ය,සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසා සිටියි.


    ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    2021 වසරේ රට වසා දැමූ අවස්ථාවේ දී මාසයක පමණ කාලයක් සංචරණ සීමා ලිහිල් කිරීමකින් තොරව රට පවත්වාගෙන ගිය අතර එම කාලය තුළ දී ද මෙවැනිම අපහසුතාවයන්ට පත් වීමට ජනතාවට සිදු වූ අතර, එහෙත් පෙර අදියරයනට වඩා මෙවර කොරෝනා ව්‍යාප්තිය පැතිර යන අවස්ථාවක ජනතාව ඊට ගොදුරු වීම වැලැක්වීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වලට අනුගතව කටයුතු කිරීම ජනතාවට යම් යම් අපහසුතාවයන් ඇති වුව ද, එකී දුෂ්කරතාවයන්ට කෙසේ හෝ මුහුණ දී කැප කිරීම් සිදු කොට මේ අවස්ථාවේ කටයුතු කළ යුතු වන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya