මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 30 දක්වා පළාත් අතර බස් ධාවනය සීමා වෙයි- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති

    මැයි 10, 2021

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ වැළක්වීම උදෙසා අන්තර් පළාත් සංචරණ සිමා පැනවීම හේතු කොට ගෙන මැයි මස 30 වන දා දක්වා පළාත් අතර බස් රථ ධාවනය සීමා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවන මහතා අද (10) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී ප්‍රකාශ කළේය.

    කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,
     සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
     පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
     වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
     ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම
    වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා අද (10) මාධ්‍ය වෙත නිවේදනය කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya