මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙතෙක් එන්නත් ලබානොගත් කොළඹ නගරසභා සීමාවේ පදිංචිකරුවන් තම ප්‍රදේශයේ අදාළ රෝහල වෙත ගොස් එන්නත ලබාගන්න - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    මැයි 10, 2021

    මෙතෙක් එන්නත් ලබානොගත් කොළඹ නගරසභා සීමාවේ පදිංචිකරුවන් තම ප්‍රදේශයේ අදාළ රෝහල වෙත ගොස් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා සහ හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ අංශ ප්‍රධානී මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (10) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් 19 ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මේ මොහොතේදී කොළඹ නගර සීමාව තුළ තෝරාගත් ප්‍රදේශ වෙනුවෙන් කොළඹ නගරයේ රෝහල් ගණනාවක ඒන්නත් කිරීමේ වැඩසටහන් අරඹා ඇති බවද, තමන් හට වෙන් කර ඇති ඒක් ඒක් ප්‍රදේශයන්හි ඒක් ඒක් මාර්ග වල පදිංචිකරුවන් සදහා යා යුතු රෝහල් පිළිබදව දැනුම් දෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

    මේ සදහා කොළඹ මහරෝහල, බොරැල්ල ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල යන රෝහල් කොළඹ නගර සභාවේ අනෙකුත් එන්නත්කරණ මධ්‍යස්ථාන වලට අමතරව මේ වන විට සූදානම්කර ඇති අතර අදාල පුද්ගලයින්ට ඒම ස්ථාන වලින් ඒන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    අද වන විට අනපේක්ෂිත රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර අතපසුවුණු පී සී ආර් පරීක්ෂණ සියල්ල ඒකතුවීමත් මෙම අනපේක්ෂිත රෝගීන් ප්‍රමාණය වාර්තා වීමට ඒක් හේතුවක් වුවත්, රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවය සම්පූර්ණයෙන් අඩුවීමක් සිදුවූ බව කිව නොහැකි යැයිද බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ඒ් අයුරින් ගැනීමත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනදාටත් වඩා අවදානයෙන් පිළිපැදීමත් වැදගත් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ඊයේ සහ පෙරේදා යන දෙදින සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් ගණනාවක් දිවයින පුරා පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ගොස් ඒ් ඒ් පළාත් වෙනුවෙන් ඒම ස්ථාන වල වැඩිදියුණු කිරීමට අවශ්‍ය දේ සොයා බලමින් සෞඛ්‍ය සේවකයින් දිරිමත් කළ බවද, අවශ්‍ය කරන වැඩිදියුණු කිරීම් වලට අදාල තොරතුරු සෞඛ්‍ය ලේකම් වෙත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීම සිදුකළ බවද සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත, මේ හරහා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිකිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද පැවසුවේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya