මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යැවිමට බලපත්‍රලාභී රැකියා නියෝජිතායන වලට අවසර

    මැයි 01, 2021

    ජපානයේ තාක්ෂණික සේවාවන් හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවා ගැනිමට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන වලට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවසර ලබා දි ඇත.

    අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව වන්නේ රුපියල් තුන්ලක්ෂ පනස් දහසකි (රු 350,000) පමණි.

    රැකියා ලාභියකුගෙන් අයකල හැකි උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අයකිරිම නීති විරෝධි වන අතර වැඩිපුර මුදල් අයකර කරන රැකියා නියෝජිතයන්ට එරෙහිව නිතිමය පියවර ගෙන ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

    ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනිමට අවසර ලබා දි ඇති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන ලේඛණය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිවේ. එසේම නියමිත ගාස්තුවට වඩා මුදල් අයකරන රැකියා නියෝජිතායතන පිළිබඳව පැමිණිළි කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864118 හෝ 2864241 දුරකථනයට දැනුම් දිය හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya