අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මුහුදේ දී ඉන්දීය ධීවරයින් සමග සබදතා පැවැත්වීමෙන් වළකින්න- ධීවර අමාත්‍ය  

    මැයි 01, 2021

    ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ව‍්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයන් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලාංකීක ධීවරයින්ගෙන් ඉල්ලා සිටී.


    ධීවර අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක් (30 දින) නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

    ශ්‍රී ලංකාව තුළද කොරෝනා ව්‍යාප්තිය වැඩිවී ඇති බවත්, උතුරේ ධීවර ජනතාවගේ ඥාතීන් හා හිතවතුන් විශාල වශයෙන් ඉන්දියාව තුළ වාසය කිරීම හේතුවෙන් ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් මුහුදු සීමාවේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීම, ගනුදෙනු හා භාණ්ඩ හුවමාරු කර ගැනීම සිදුවන බවත්, ඉන්දියාවේ සිට නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමට ධීවරයන් යොමුව ඇති අවස්ථා පවතින බවත්, එවැනි කටයුතු වලින් ඈත් වී සෞඛ්‍යාරක්ෂිත ලෙස ධීවර කටයුතු වල නිරත විමෙන් ධීවරයින්ගේ ආරක්ෂාව සලසා ගැනීමට හැකියාවක් ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya