අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට ‍වටපිටාව සකසා දීම රජයක වගකීමක්- අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 29, 2021

    අධ්‍යාපනය කියන්නේ හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවෙයි. එහි හරය කාලානුරූපීව වෙනස් විය යුතු යි. සමාජයේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරලා අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්'' යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

     අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

    දකුණු කොරියානු ජනරජයේ ග්වන්ග්ජු මොට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව GMOE (Gwangju Metropolitan Office of Education) සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය අතර 2005-10-24 දින අත්සන් කරනු ලැබු අවබෝධතා ගිවිසුමට අනුව මෙරටට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණ ගුරු පුහුණු වැඩසටහන් හා පාසල් වෙත තොරතුරු තාක්ෂණ උපකරණ හා උපාංග, සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කිරීම වාර්ෂික ව සිදු කෙරේ.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    අපේ රජයේ ප්‍රමුඛ අරමුණ වූයේ දරුවන්ට අංග සම්පූර්ණ හා කාලෝචිත අධ්‍යාපනයක් ලබාදීම. පන්ති කාමරයට ගිහින් ගුරුවරයාට ඇහුම්කන් දීලා සටහන් ලියාගෙන ඒවා කටපාඩම් කරලා ලිවීම නොවෙයි අධ්‍යාපනය කියන්නේ. ජීවිතයේ අභියෝගවලට ප්‍රායෝගික ව මුහුණ දීමට පුහුණුවක් ලබා දීම තමයි අපේ අභිලාෂය.
    ‍අපේ රටේ අවුරුදු 15ක් 20ක් කාලයක් තුළ නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවෙලා නැහැ. ඒ නිසා ම සියලු දෙනාගෙන් ම අදහස් උදහස් ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඩිජිටල් වේදිකාව අපි මීට මාසයකට පමණ පෙර පටන් ගත්තා. අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නට ඔබ සියලු දෙනාට ම ආරාධනා කරනවා.
    අපි දන්නවා සිංහල, දෙමළ, ඉංග්‍රිසී භාෂා පමණක් නොවෙයි චීන, ජපන්, කොරියන්, ප්‍රංශ වගේ භාෂාවල් හැදෑරීමට දැන් විශාල උනන්දුවක් සිසුන් තුළ පවතිනවා. ඒ නිසා අපට ඔබේ යෝජනා හැකි තරම් එවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන සමාගම්වල ඕනතරම් රැකී රක්ෂා තියෙනවා. ඒ අයට අවශ්‍ය විදියට සිදුවිය යුතු වෙනස්කම් සිදු කරන්නට ඔබේ දායකත්වය ලබා දෙන්න. අධ්‍යාපනයට නව අගයක් එකතු කරන්නට හැකි ලෙස මෙරට අධ්‍යාපනය සකසා ගන්නට ඔබේ සහයෝගය දෙන්න. යනුවෙන් ද පැවසී ය.
    මෙම අවස්ථාව‍ට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක් වූහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya