මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බූස්ස බන්ධනාගාරයට නව සිරමැදිරි තිහක් - CCTV කැමරා පද්ධතියක්

    අප්‍රේල් 27, 2021

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරය තුළ මෑතකදී ඉදිකරනු ලැබූ නවතම සිර මැදිරි තිහක් වෙත රැඳවියන් තිස් දෙනෙකු යොමු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා  පැවසීය.

    බූස්ස බන්ධනාගාරයේ මේ වන විට විශේෂ ආරක්ෂාව සැපයිය යුතු සිර සැකකරුවන් හැත්තෑ හය දෙනෙකුගෙන් සමන්විත ප්‍රමාණයක් රඳවා ඇති අතර මෙහි ස්ථාපිත අධි ආරක්ෂිත කලාපය තුළ මුල් අදියර යටතේ රැඳවියන් හතළිස් හය දෙනෙකු රැඳවා ඇත.

    චන්දන මහතා වැඩිදුරටත් පැවසූවේ මෑතකදී ඉදිකරනු ලැබූ සිර මැදිරි තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකල්ලි සාමාජිකයින් ලෙසට විශේෂයෙන් හඳුනා ගත් ජාවාරම්කරුවන් තිස් දෙනෙකු රඳවා ඇති බවත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අපරාධකරුවන් රඳවා සිටින බැවින් බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ පාලනය වන බවත්, දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක දුරකතන පද්ධතියකින්ද, CCTV කැමරා පද්ධතියකින්ද සමන්විත බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya