මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පියා ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු කරනවා - රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

    අප්‍රේල් 10, 2021

    ග්‍රාමීය සුළු කර්මාන්ත යන සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු කිරීමේ වගකීම තමා ඇතුළු රජය නොපිරිහෙලා ඉටු කරන බව වේවැල්, පිත්තල, මැටි, ලී ඩබු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

    ගම සංවර්ධනය නොකර තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවත් ගමේ ජිවත් වන සාම්ප්‍රදායික කර්මානත්කරුවා සහ ඔවුන්ගේ කර්මාන්ත ආරක්ෂා කිරීමේ අපේ පාරම්පරික උරුමය ද රැගෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වේවැල්, පිත්තල, මැටි, ලී ඩබු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව අත්කම් නිර්මාණ ප්‍රදර්ශනාගාර මධ්‍යස්ථාන 100 ක් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලේ පළමු මධ්‍යස්ථානය ( 09 ) කොළඹ ඩච් හොස්පිටල් පරිශ්‍රයේ දී විවෘත ‍කෙරුණු අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

    දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීමේ වැඩසහටන යටතේ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව ලක් ශිල්ප ප්‍රදර්ශන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ලක් ශිල්ප ව්‍යාපෘතිය මඟින් ලැබෙන ආදායම් ග්‍රාමීය සාම්ප්‍රදායික නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙන් කෙරේ.

    එහි දී වැඩි දුරටත් අදහස් පලකල ප්‍රසන්න රණවීර මහතා ‘රජයේ සෞභාග්‍ය දැක්ම තුළින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට දී ඇත්තේ ඉහළ ප්‍රමුඛතාවයක්. අපේ යුතුකම එහි ප්‍රතිලාභ ජනතාවට දැනෙන ආකාරයට වගේම නිර්මාණ ශිල්පියා සුරැකෙන ආකාරයට ගමට ගෙන යෑමයි. රජයට ඒ සඳහා පෞද්ගලික මහ පරිමාණ ව්‍යවසායකයන්ගේ සහය අවශ්‍යයි. ඔවුන්ගේ අත්දැකීම් සහ පලපුරුද්ද කුඩා ව්‍යවසායකයන්ට ලබා දීම ඉතා වැදගත් කාරණයක් කියලයි මම හිතන්නේ. ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට අපේ රට විවෘත කෙරෙනවා. එය ඉලක්ක කරගනිමින් කතරගම, හික්කඩුව, සීගිරිය, බේරුවල වැනි සංචාරක ආකර්ශනීය ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ලක් ශිල්ප මධ්‍යස්ථාන 100 ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.’

    මීට සමගාමීව රටවල් 86 ක සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවති හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ තරඟාවලියේ ජාතික ශිල්ප සභාව නියෝජනය කරමින් ජය ලැබූ හස්ත කර්මාන්ත ශිල්පී වසන්ත ප්‍රනාන්දු මහතාට හිමි සම්මානය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ අතින් පිලිගැන්විය. ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක යන නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya