මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ සියලුම දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට රජය බැඳී සිටිනවා - ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    අප්‍රේල් 06, 2021

    පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, ඒ පිළිබඳව කිසිඳු දෙගිඩියාවක් තබා ගත යුතු නොවන බවත්, එමෙන්ම ඒ වෙනුවෙන් රජය දැඩි පරිශ්‍රමයක් ගනු ලබන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි කටයුතු පිළිබඳවදැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග සම්බන්ධව සැහීමකට පත් නොවීම සහ මෙම ප්‍රහාරය දේශපාලන නාටකයක් බවට පත් කර ගැනීම සඳහා දැවැන්ත ලෙස දේශපාලනීකරණය වෙමින් පවතින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව නොරහසක් බව ද ප්‍රකාශ කළ ඒ මහතා, එකී හේතුව නිසා මිට ඍජුවම සම්බන්ධ වී කටයුතු කළ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාව සහ කැබිනට් අනුකමිටුව හරහා එහි තිබෙන සවිස්තරව ලබා ගත හැකි පාඩම් සහ කරුණු ඉදිරිපත් කෙරෙන්නේ කෙසේ ද යන්න සඳහන් වාර්තාවත්, නීතිමය තත්ත්වයන් නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරියක් ලෙසටත්, සමාජය සහ අනිකුත් දේශපාලනිකමය වශයෙන් සිදු වීම් සම්බන්ධව කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත් සවිස්තර කරුණු ඉදිරිපත් කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී ඇති බවත් ප්‍රකාශ කළේය.

    ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධ කිසිඳු කරුණක් සැඟවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට නීතිමය වශයෙන් දඬුවම් දීම පිළිබඳව සහ මෙවැනි ප්‍රහාරයක් නැවත අනාගතයේ සිදු නොවනන්ට වග බලා ගැනීමට වගකියන රජයක් ලෙස වත්මන් රජයට ඉතා විශාල වගකීමක් තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.    

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya