අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සඳහිරු'' මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කරති

    මාර්තු 28, 2021

    සඳහිරු මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයේ අද (28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියේදී පැවැත් විණි.

    දශක තුනක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිතය පරිත්‍යාග කළ 29,000ක් පමණ වූ වීරෝදාර රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 14,000ක් පමණ වූ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් මීට වසර 11ට පෙර මෙම වෛත්‍යයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණි.

    මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පැරණි රජවරු ථූපාරාමය අභයගිරිය වැනි මහ සෑ ඉදි කළාක් මෙන් අපගේ අනාගත පරපුරු වෙනුවෙන් මහා සෑයක් ඉදි කිරීම අපගේ යුතුකමක් බවයි.

    අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය මේ සඳහා ලැබුණු බවත් යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ දුගී දුප්පත් දෙමාපියන් මේ සඳහා දායක වූ බවද කීය. ඉර හඳ පවතින තාක්කල් රණවිරුවන් කළ ඒම උදාර සේවය අගය කිරීම වස් මෙම සෑය සඳහිරු සෑය නමින් නම් කළ බවත් මෙය කළගුණ සැළකීමේ සෑයක් බවද කිය. විවිධ ධානපතින් විසින් පරිත්‍යාග කළ කෝටි 20ට වඩා වටිනා මැණික් මංජුසා 02 මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මේ සඳහා පූජා කර තිබේ.

    සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ පැළැඳවීමට නියමිත චූඩා මාණික්‍ය දානපති ආතර් සේනානායක මහතා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වෙත භාර දීමද මෙහිදී සිදු වුණි.තැන්පත් කිරීමට නියමිත නිධන් වස්තු (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ වෙත පිළිගැන් වූ අතර අනතුරුව පිරිත් සහ මංගල බෙර වාදන මධ්‍යයේ සඳහිරු සෑ ස්ථූපයේ හතරැස් කොටුවේ තැන්පත් කිරීම සිදු වුණි.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල් පිරිසක්ද, මහජන නියෝජිතයන් රැසක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ..

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya