අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූවස් ඇලේ නැව හිරවීම, ශ්‍රි ලංකාවේ ඉන්ධන සැපයීමට කිසිදු බලපෑමක් නෑ- ඉන්ධන මිල ඉහළ යෑමක් නෑ- අමාත්‍ය උදය ගම්මන්පිල

    මාර්තු 28, 2021

    සූවස් ඇලේ නැව හිරවීම, ශ්‍රි ලංකාවේ ඉන්ධන සැපයීමට කිසිදු බලපෑමක් නොමැති බව ඛනිජතෙල් ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

     

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, සූවස් ඇළේ මේ වන විට දින 05 කට ආසන්න කාලයක් හිරව ඇති නැව හේතුවෙන් ලොක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්,මේ සමගම බොහෝ රටවල ආනයන අපනයන ආර්ථිකයට ද දැඩි බලපැමක් එල්ලවී තිබේ.

    ශ්‍රි ලංකාව තුළ දින 14 ක කාලයක් සඳහා ඉන්ධන තොග ඇති බවත්,ඉදිරියේ දී කලබල වී ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබා නොගන්නා ලෙස පැවසු අමාත්‍යවරයා, එසේ වුවහොත් එය කෘතිම ඉන්ධන හිඟයක් බවට පත් වීමට ඉඩ ඇති බවද කීය.

    කෙසේ වුවද ,ශ්‍රි ලංකාවට දැවැන්ත ලෙස තෙල් ගබඩාකර ගැනීමට මෙන්මඅරමුදල් නොමැති හෙයින් සීමිත තොගයක් පමණක් පවත්වා ගන්නා බව ඇමතිවරයා සදහන් කළේය.
    ඉදිරියේ දි ඉන්ධන ලබා ගැනීමට නියමිතව ඇත්තේ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්,ඕමාන් යන රටවලිනි.ඒ නිසා සූවස් ඇලේ අර්බුදය ශ්‍රි ලංකාවේ ඛනිජ තෙල් සම්පාදනයට කිසිදු බලපෑමක් නොවන බවත්,මේ හේතුවෙන් ඛනිජ තෙල් මිල ඉහළ නොදමන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya