මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් දෙවන මාත්‍රා එන්නත්කරණය අප්‍රේල් 10වන දා සිට

    මාර්තු 25, 2021

    කොවිඩ් දෙවන මාත්‍රා එන්නත්කරණය අප්‍රේල් 10වන දා සිට අරඹන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේදී අද දින ( 25 ) කොවිඩ් දෙවන මාත්‍රා එන්නත්කරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

    අන්තර්ජාතික මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා ඉන්දියාවේ පූනෙයි නගරයේ තිබෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය නිෂ්පාදනය කරන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා” එන්නත ඉන්දියාවෙන් පිටතට අපනයනය කිරීම නවත්වන තීරණයක් අරගෙන තියෙනවා කියලා.     හැබැයි මේ වන තෙක් නිල වශයෙන් ශ්‍රී ලංකාවට එහෙම දැනුම්දීමක් කරලා නැහැ. ඉන්දියාවේ මාධ්‍ය හා අන්තර්ජාතික මාධ්‍ය ප්‍රකාශ කළේ ඉන්දියාව තුළ කොවිඩ් 19 රෝගීන් කණ්ඩායම වැඩිවී ඇති මෙම රෝගය වැළැක්වීම සඳහා මෙම එන්නත ලබාගත යුතු නිසා තමයි  ඉන්දියාව අපනයනය කරන්නෙ නැහැ කියන්නේ.

    හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ශ්‍රී ලංකාවේ පළමුවෙනි මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලබාගන්නට හැකි වේයිද, නැත්නම් යම් ප්‍රශ්නයක් ඇතිවෙයිද කියල. අපට සමස්තයක් හැටියට ලංකාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 12 ලක්ෂ  64 දාහක් ලැබිලා තියෙනවා. පළමුවෙනි ලක්ෂ 5 ඉන්දියාවෙන් ප්‍රධානයක් විදියට ලැබුණා. දෙවන ලක්ෂ 5 අප මිලදී ගැනීමක් කළා. තවත් දෙලක්ෂ 64 දාහක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ අපට ලැබුණා. මේ ආකාරයට 12 ලක්ෂ  64 දාහක් අපේ රටට ලැබිලා තියෙනවා.

    ඊයේ හවස් වන විට 8 ලක්ෂ 56 දහසක් තමයි එන්නත්කරණය සිදුවෙලා තිබෙන්නේ.ඒ අනුව අපේ අතේ දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් තියෙනවා. ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කළේ ජනවාරි මාසයේ 29 වැනිදා. ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට තමයි පළමුව ලබා දුන්නේ. එතකොට දෙවනපෙළ මාත්‍රාව ලබා දිය යුත්තේ සති 12 – 14

    අතර කාලයේ දීය. ඒ අනුව අප්‍රේල් 10 දායින් පසුවයි ලංකාවේ 2 වන මාත්‍රාව ලබා දිය යුතු වන්නේ. එතකොට අපි ගණන් බැලීමක් කලා දැනට අතේ තියන ලක්ෂ  4 පාවිච්චි කරලා මැයි මස අන්තිම දක්වා දෙවැනි මාත්‍රාව ලබා දීමේ හාකියාවක් අපට තියෙනවා. ඒ නිසා කිසිසේත් මැයි අන්තිම වෙනකම් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ වාගේම තමයි මේ වන කොට ඉන්දියාවත් සමග රාජ්‍ය තාන්ත්‍රික ලෙස සාකච්ඡා කරමින් යනව නිලනොවන හැටියට අපට දැනුවත්කරල තියෙනව තවත් මාත්‍රා ලක්ෂ 5 ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට පියවර ගන්නව කියල. ඒ නිසා කිසිසේත්ම මේ වනවිට එන්නත් ලබාගෙන ඇති අයට දෙවන මාත්‍රාව ලබාගැනීමට ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) තමයි චීනයේ නිෂ්පාදනය කරන “සයිනොෆෝම්” එන්නත ලංකාවට ගෙනඒම සඳහා අනුමැතිය ලබාදීල තියෙන්නේ. ඒ අනුව ප්‍රදානයක් හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් තව සතියක් ඇතුළත ලංකාවට ලැබෙයි කියල විශ්වාසයෙන් අපි ඉන්නවා. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ පිළිබඳව දන්වා තිබෙනවා.

    රුසියාවේ ස්පුට්නික් එන්නත මෙරටට ගෙන ඒම සඳහා මාස කිහිපයක් තිස්සේ සාකච්ඡාක කර එහි අවසාන අධියරයට පැමිණිලා තියෙනවා. මේ සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කලා ස්පුට්නික් එන්නත මාත්‍රා මිලියන 7 ක් ලංකාවට ලබා දීමට. නමුත් මේ මිලියන 7 එකවර ලංකාවට ලැබෙන්නේ නැහැ. කොටස් වශයෙනුයි ලංකාවට ලැබෙන්නේ. ලබා දෙන්නේ මෙන ක්‍රමවේදයට ද, මොන කාල සටහනකටද කියන එක ඉදිරි දින 2 දී රුසියානු නිෂ්පාදන ආයතනය අප වෙත තහවුරු කරයි කියල ඔවුන් අපට දන්වා තිබෙනවා. අප්‍රේල් මස මුල් සති 2 තුළ ස්පුට්නික් එන්නත් අරම්භක එන්නත් ප්‍රමාණයක් අපේ රටට ලබා දෙන්නට කටයුතු කරයි කියල. මෙහි ආරම්භක 20000 ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස  ලැබෙයි කියල. ඊට පසුව අපට මිලදී ගැනීමට සිදුවෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya