මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන මණ්ඩලයේ සේවක වැටුප සියයට 25% කින් ඉහළට

    මාර්තු 25, 2021

    ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු කාර්මික තාක්ෂණ හා තාක්ෂණ නොවන කළමනාකරණ සේවා කම්කරු ඇතුළු සියලු ශ්‍රේණින්ට අයත් නිළධාරීන්ගේ වැටුප 25% කින් ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.


    වෘත්තීය සමිති නියෝජිතයින් සමග  මාර්තු 24 වන දින පැවති සාකච්ඡාවකින් පසු අමාත්‍යතුමා මෙම තීරණයට එළඹ ඇත. මෙම වැටුප් වැඩිවීම වසර 3 කින් පසුව සිදුවන වැඩිවීමක් වන අතර වසර ගණනාවක සිට 25% කින් ම වැටුප් වැඩි වූ විශේෂ අවස්ථාවක් ලෙස ද මෙය අගය කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී කියා සිටියේය

    වර්ෂ 2025 සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ දීප ව්‍යාප්ත දැවැන්ත මෙහෙයුමේ නිරත ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කැපවීම සහ කඩිනම් ක්‍රියාන්විතය අගය කරමින් මෙම වැටුප් වැඩි කීරීම සිදු කිරීමට කටයුතු කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටින ලදී.

    මෙම සාකච්ඡාව සඳහා සමාජවාදී ලංකා කම්කරු සමිතිය, ජල සම්පාදන පොදු ජන සේවක සංගමය හා ජල සම්පාදන හා ජලාපවහන කම්කරු සේවක සංගමයේ නියෝජිතයින් සහභාගිවන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya