මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන- “හරියට යමු - දකුණෙන් යමු”

    මාර්තු 25, 2021

    දිනෙන් දින රිය අනතුරුවලින් මිය යන හා ආබාධිත වන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර,ඉහල යන අනතුරු සංඛ්‍යාව අවම කරලීම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ ‘මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන (24) දින කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදි   ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.


    මෙම අවස්ථාවේදි අදහස් දැක් වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා:- අද අපි වැදගත් කටයුත්තක් ආරම්භ කරන මොහොත තමුන්නාන්සෙලා විවිධ මාධ්‍ය මගින් දැනුවත් වෙන්න ඇති පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම ගත වු සතිය තුල සිදු වු මාරක රිය අනතුරු මගින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වු බවත්, විශාල පිරිසක් විවිධ ආබාධ වලට ලක් වෙලා ඇති බවත්.
    පසුගිය දා පස්සර ලුණුගල මාර්ගයේදි රියදුරන්ගේ නොසැලකිල්ල හා වෙනත් බාහිර හේතු සාධක නිසා මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වීමෙන් වටිනා ජීවිත 14ක් අවාසනාවන්ත ලෙස අපට අහිමි වුනා. ඒකෙන් ඇත්තටම අපට කරුණු දෙකක් අවබෝධ කර ගන්න පුළුවන්ග එනම්, මාර්ගයේ අනතුරුදායක තැනක් නිසා වාහන දෙකම පැදවු රියදුරන් මීට වඩා සැලකිල්ලකින් රිය ධාවනය කලා නම් අපට ඒ ජීවිත අහිමිවීම වල්ක්වා ගන්න තිබුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මීට මාස ගණනාවකට කලින් ගත්ත තීන්දුවකට අනුව රටේ මාර්ග නීතිරීති පිළිබඳව රටේ ජනතාවත් විශේෂයෙන්ම පාසල් දරුවන් හා රියදුරන්වත් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා.
    අද තරුණ පරම්පරාව විශාල වශයෙන් යතුරුපැදි ධාවනයට යොමු වී තිබෙනවා යතුරුපැදි මගින් විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදුවෙන බව දත්ත මගින් පැහැදිලි වෙලා තියෙනවා. එම නිසා මෙම තරුණ දරුවන් යතුරුපැදි හෝ වෙනත් ඕනෑම වාහනයක් ධාවනයේදි මාර්ග නීති රීති පිළිපැදීම හා විනයගරුක වීම ඉතාම වැදගත් වන බව අපගේ හැඟීමයි.
    එම නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් දිවයින පුරා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නගා නිරන්තයෙන් මහජනතාව මාර්ගයේ නීති රීති පිළිපැදීම හා විනයගරුක ලෙස රිය පැදවීම,මාර්ගයේ ගමන් ගන්නාවිට මාර්ග නීති පිළිපැදීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට කටයුතු කිරීමට අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ යටතේ තමයි අද දිනයේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඒ සම්බන්ධව දැනුමක් ලබාදීමට අවශ්‍ය අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රායෝගික දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නගා තිබෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජතික සභාව මගින් මෙම විද්‍යාල භූමිය තුලත් විවිධ මාර්ග සංඥා පුවරු පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව. මම එහි සභාපතිතුමාට යෝජනා කරනවා එවැනි පුවරු මහජනයා ගැවසෙන ස්ථානවලත් ප්‍රදර්ශනය කර ඒ පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරවීමට කටයුතු යොදන ලෙසට.මෙම වැඩසටහන් සංවිධානය කිරිමේදි පාසල්වලට බරක් නොවන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය මගින් එම කටයුතු සංවිධානය කිරිමට කටයුතු යොදා තියෙනවා. මේ ආකාරයට දීපව්‍යාප්තව අඛණ්ඩව මෙම දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා.
    මෙම අවස්ථාවට කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, නාගරික මන්ත්‍රී සුමන විවියන් රණවීර,ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච්. තිලකරත්න,මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති ආර්.එන්.ඇන්ටන් ද මෙන්ස්, කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තක්ෂිලා කළ්‍යාණි මැතිණිය ඇතුලු ගුරුභවතුන් හා සිසු දැරියන් ද සහභාගි වු අතර කොළඹ ජාතික රෝහලේ හෙද නිළධාරිනියන් පුහුණු කිරිමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයියා මෙනෙවිය, මාර්ග අනතුරු පිළිබඳව විශේෂ දේශනයක්ද පැවැත්වූවාය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya