අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ගෙනයාමේ පාලම ජනමාධ්‍ය අමාත්‍යංශයයි

    මාර්තු 24, 2021

    රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය හා වත්මන් රජය විසින් සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ගෙනයාමේ පාලමක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    දෙසතිය වාර සඟරාව පාසල් සහ පිරිවෙන් 2500ක් සඳහා වසරක් පුරාවට නොමිලේ ලබා දීමේ වැඩසටහන මූලික කර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(24) පැවති උත්සවයේ ආරාධිත දේශනය කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වෙනදා මෙන් නොව වත්මන් රජය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් විසින් විශාල වැඩකොටසක් කරමින් පවතින බවත්, ජනාධිපතිවරයා විසින් නිශ්චිත විෂයය පථයක් ලබා දීම තුළ මෙය සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ජනතාවට ගෙනයාමට ශක්තිමත් පාලමක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය හා එයට අදාළ ආයතන යොදාගත යුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන දෙසතිය වාර සඟරාවද මෙම පාලම තැනීමේ කොටසක් ලෙස යොදාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya