අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසතිය පුවත් සඟරාව පාසල් සහ පිරිවෙන් පුස්තකාල වෙත ලබා දීම නිල වශයෙන් ඇරඹේ

    මාර්තු 24, 2021

    පාසල් දෙදහස් දෙසියයක් සහ පිරිවෙන් තුන්සියයක් ලෙස වන අධ්‍යාපන ආයතන දෙදහස් පන්සියයකට දෙසතිය වාර සඟරාව වසරක් පුරා නොමිලේ බෙදාදීම සඳහා වන උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (24) දින ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

     

    මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 7කට අධික ප්‍රමාණයක් රජය විසින් වැයකොට ඇති අතර වසරක් පුරාවට අදාළ අධ්‍යාපන ආයතන 2500 සඳහා තැපැල් මගින් දෙසතිය වාර සඟරාව ලබා දීමට නියමිතය.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සුරතින් දෙසතිය සඟරාව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී ඇල් පීරිස් , දහම් පාසල්, පිරිවෙණ් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස් එම් ඩී ධර්මරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජී ඇල් පීරිස් , දහම් පාසල්, පිරිවෙණ් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස් එම් ඩී ධර්මරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න, වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එස් ආර් ඩබ්ලිව් එම් ආර් පී සත්කුමාර යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya