අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල අධික පොල් තෙල් වෙනුවට ආදේශකයක් ලෙස සෝයා තෙල් හඳුන්වා දීමට පියවර

    මාර්තු 24, 2021

    මිල අධික පොල් තෙල් වෙනුවට ආදේශකයක් ලෙස සෝයා තෙල් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී ලංකා සතොස සහ සමූපකාර ජාලය හරහා අඩු මිලට සෝයා තෙල් බෙදා දීම ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ශරීරයට අහිතකර පොල්තෙල් තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසාමිල් මහතා ඇතැයි ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    වෙළෙඳපොළ අහිතකර පොල්තෙල් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවත් එහෙත් පැමිණිල්ලක් නොලැබුණද මනුෂ්‍ය ශරීරයට අහිතකර මෙවැනි පොල් තෙල් සම්බන්ධයෛන් විමර්ෂනයක් පැවැත්වීමට තමා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා කීය. භාවිතයට නුසුදුසු පොල්තෙල් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇතොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසද වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya