මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාරිසරික පනත කඩිනමින් සංශෝධනය කළ යුතුයි- කෝප් කාරක සභාව පරිසර අමාත්‍යාංශයට දන්වයි

    මාර්තු 12, 2021

    වසර 20 කට අධික කාලයක සිට යාවත්කාලින කිරීමට උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය.


    මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් හෙතෙම කීවේය. එමෙන්ම ඇතැම් ආයතන මෙම පනත
    සංශෝධනය කිරීමේ කාර්‍යයට බාධා එල්ල කරන බවත්, පවතින එම ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙසත් සභාපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බ්න්ධයෙන් (09) පැවැති කෝප් කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන
    මහින්ද අමරවීර,ආචාර්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සභභාගී වූහ.


    2012 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.8 ක් බව කෝප් කාරක සභාවේදී අද අනාවරණය විය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 184,300.9 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමුවිය.

    ආනයනික දත්ත විශ්ලේෂණයේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා ආනයනික ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවත්, 2017 වසරේදී පෙර වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ආනයන
    ප්‍රමාණයක් පවතින බවත් , ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතින බවත් කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

    ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීමේදී සහ කළමනකරණායේදී පළාත් පාලන අමාත්‍යාංශය සහ පළාත් පාලනආයතන වල දායකත්වය ලබා ගැනීම සහ ආහාර දවටන හා
    ආහාර අසුරන පිළිබඳ නීති හා එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ පාලන නීති ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකළ යුතු බවද කාරක සභාවේ මතය විය.

    දැනට වෙළඳ පොලෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක් ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යාවශ්‍ය බව කාරක සභාව අවධාරණය කළේය.

    ජෛව හායනයට ලක්වන අමුද්‍රව්‍ය මඟින් නිශ්පාදිත ආහාර දවටන පරිසරයට නිදහස් වීමේන් අනතුරුව එම බහු අවයවික ජලය, පස, සමුද්‍ර පරිසරය හා කසල කළමනාකරණය අංගන වෙත ලඟා වූ පසු කවර රසායනික හා ජෛව විපර්‍යාසයකට ලක් වන්නේද යන්න පර්යේෂණ අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැති බැවින් පර්යේෂණ අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව  පෙන්වා දුන්නේය.

    පොලිතීන් නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය අධෛර්‍ය කිරීම පරිසර හිතකාමි ආදේශන නිශ්පාදනයන් පාරිභෝගිකයන්ට ලබා දීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට දැන්වීය.

    වැටලීම් සඳහා සිදු කරන නීතිමය කාර්‍යභාරයන් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට පියවර ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම අධිකාරියට පැවසීය. පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රගතිය මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට දන්වන ලෙස සභාපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා 2019 ඔක්තොම්බර් මස 10 වන දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද මෙතෙක් එය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය.

    ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දැනුම් දුන්නේය

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya