මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උස මීටර් 230 ක් සහ මහල් 68 කින් යුත් ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරේ.

    මාර්තු 12, 2021

    උස මීටර් 230 ක් සහ මහල් 68 කින් යුත් ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කෙරේ.

    * ඉදිකිරීම් ක්ෂේත්‍රයක අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක්.

    * ඇල්ටෙයාර් ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක්.

     මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

     

    ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

     

    විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ දී මෙහි වැඩ අතරමඟ නැවතුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම නිසා යළි මෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කර එහි පළමු අදියර මෙසේ විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

     

    අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.

     

    ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරිණ.

     

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර මුදල් වියදම් කර තිබෙන නිවාස හිමියන්ට එම නිවාස ලබාදීමට කටයුතු කරන ලෙසයි.

     

    මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ීදමඑය ක්‍සඑහ සහ ෂබාස්බ ධජැ්බ සමාගම විසින් සිදුකරනු ලබයි.

     

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

     

    ඒ යටතේ ශ්‍රී ලංකාව නව නිර්මාණශීලී ආයෝජන රටාවකට වඩාත් විශ්වාසයකින් සහ ප්‍රමිති සහගත වටපිටාවක් සහිත ඉඩක් නිර්මාණය වී ඇති බවත් නව ආයෝජකයන්ට යොදවන ලද මුදල්වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහතිකයක් මෙමඟින් ලබා දෙයි.

     

    එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේ.

     

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

     

    බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.

     

    මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.

     

    ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

     

    සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැත.

     

    නාගරික සංවර්ධන අධිකාරියට අයිති 99 අවුරුද්දකට බඳු ගනු ලැබූ මෙම ඉඩමේ හිමිකම හැර සියලු ඉදිකිරීම්, මිල තීරණය කිරීම, මුදල් ලබාගැනීම, පවත්වාගෙන යන විකුණුම් මිල තීරණය කිරීම ඇතුළත් සියලු අයිතීන් ඉඩමේ ආයෝජකයා වන ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සතු වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාට දේශීය සහ විදේශීය ආයතන මඟින් උපදේශන ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya