අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සිසුන්ටත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත

    පෙබරවාරි 17, 2021

    ජනාධිපතිවරයාගේ නියෝගයෙන් රෝහල්වල සායනික පුහුණුව සඳහා යන වෛද්‍ය සිසුන් සඳහා කොවිඩ් 19 සඳහා ලබාදෙන එන්නත ලබාදීමට කටයුතු කරඇති බව විශ්ව විද්‍යාල
    ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.


    මීට අමතරව විශ්ව විද්‍යාල කොටස් වශයෙන් පටන් ගැනීමටත් ඔවුන් සඳහා කොවිඩ් 19 එන්නත විදීමටත් කටයුතු කරමින් යයි.


    ඒ අනුව පළමු ඛාණ්ඩයේදී තෙවන සහ සිව්වන වසර සඳහා කැඳවීමි ලැබෙන බවත්, ඔවුන්ට එම එන්නත පළමු ලෙසම එන්නත් කර ඉන් අනතුරුව පළමු සහ දෙවන වසර සඳහා කැඳවීම් සිදු කරන බවත්, ඔවුන්ට එන්නත ලබා දෙන බවත්, ක්‍රමයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය සාමාන්‍යකරණය කරන බවත්, සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya