මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ඉදිරි දින 04 දී රැස්වේ

    පෙබරවාරි 08, 2021

    පාර්ලිමේන්තුව ඉදිරි දින 04 තුළදී ම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු
    පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

    ඒ අනුව හෙට දිනයේ දී කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.


    හෙට (09) පෙරවරු 10 ට පාර්ලිමේන්තුව ඇරඹීමෙන් පසු පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.ඉන් පසුව පෙරවරු 11 ට විවාදය ආරම්භ වී එය පස්වරු 04.30  දක්වා පැවැත්වෙන අතර පස්වරු 04.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා කීවේය.

    පෙබරවාරි 10 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයනු ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. එදින මැණික් සහ ස්වණාභරණ පනත යටතේ පනවා ඇති රෙගුලාසි විවාදයට ගනු ලබන අතර, එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 04.30 දක්වා පැවැත්වේ.

    අනතුරුව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනේ. පෙබරවාරි 11 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන නියෝග 03 ක් විවාදයට ගැනෙන බව මහලේකම්වරයා සඳහන් කළේය. එදින ද පෙරවරු 10 සිට 11 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කෙරෙන අතර, පස්වරු 04.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනේ.

    අනතුරුව පෙබරවාරි 12 වන සිකුරාදා දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  සුරංගනී එල්ලාවල මහත්මිය , කේ.පී සිල්වා මහතා සහ ගරු කපිල අබේරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එදින පෙරවරු 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya