අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ රෝහල් 40ක රෝගීන් ලක්ෂ පනහකට ඩිජිටල් පහසුකම්

    පෙබරවාරි 02, 2021

    ඩිජිටල් කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි (5047798) ප්‍රමාණයක් මේවනවිට ලියාපදිංචිවී ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

    මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල් කරණය වැඩපිළිවල යටතේ ලියාපදිංචිව, සේවාලබගත් අවස්ථා ලක්ෂ එකසිය තිස්හතරක් 134 (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි. මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්තකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් ප්‍රධානි ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

    මේ ඩිජිටල් කරණ ව්‍යයාපෘතිය යටතේ රෝගියෙක් රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේදී පෞද්ගලික සෞඛ්‍ය්‍ය ය අංකයක් සහිත බාකෝඩ් කේ තයක් ලැබෙන අතර රෝග විස්තර, ලබාගත් ප්‍රතිකාර , අදාළ වෛද්‍යය වාර්තා, ඒ යටතේ තොරතුරු පද්ධතියට ඇතුලත්වේ . මෙනිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ.එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත පෞද්ගලික සෞඛ්‍ය්‍ය ය අංකය සහිතබාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එහි අඩංගු තොරතුරු පරිශ්‍රීලනය කිරීමටත් රෝග විනිශ්චයන් සදහාත් පහසුවේ. .

    රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම සහ බාහිර රෝගී අංශයේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය ඔස්සේ සිදුකිරීමද විශේෂත්වයකි.මම තත්වය නිසා බාහිර රෝගී අංශවල පැවතී තදබදය අවමවී ඇති අතර රෝගීන්ට ඉතාකෙටි වෙලාවකින් ප්‍රතිකාර ගෙන පිටව යාමට හැකිවිතිබේ..

    මේවනවිට ඩිජිටල් කරණය කල රජයේ රෝහල් වල ක්‍රියාත්මක රෝගීන් සදහාවූ වේලාවන් නොමිලයේ වෙන්කර ගැනීමේ ඉ -චැනේලින් සේවාව වඩාත් පලදායි මජනසේවාවක් ලෙස වර්දනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැ යි ද ශ්‍රීයානන්ද මහතා වැඩිදුරත් ප්‍රකාශ කරයි . .මෙම ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්යංශය හා ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනනියෝජිතායතනය එක්ව ක්‍රියාවට නගයි. මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ සහ නාවුක හමුදාවේ ප්‍රධාන රෝහල් තුනක ද ඩිජිටල් සෞඛ්‍ය ය තොරතුරු පද්ධති ස්ථාපිත කර ඇති අතර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මේවනවිට ලියාපදිංචිවී සේවාවන් ලබාගනිමින් සිටි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya