අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ඉදිවන ශ්‍රී ලංකාවේ පළමු ජීව වායු විදුලි බලාගාරය ඔක්තෝම්බර් මස ජාතික පද්ධතියට එකතු කරනවා - විදුලිබල අමාත්‍ය

    පෙබරවාරි 02, 2021

    " කසල ටොන් 50 කින් කිලෝවොට් 400 ක්." - ඇමති ඩලස් මාතර දී කියයි.

    "අපි හිතන්නේ ගෙදර තියෙන කුණු ටික බැහැර කළාම කසල ගැටලුව ඉවරයි කියලා. නමුත් එතැන් සිට තමයි රටේ කසල ගැටලුව ආරම්භ වෙන්නේ. අද වනවිට සමස්ත දිවයිනටම මේ කසල
    ගැටළුවක් වෙලා තියෙන්නේ. කසල වලට ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්න, ඉවතලන කසල යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන්න අපි දැන් සුදානම්. ඉවතලන කසල
    යොදාගනිමින්, බයෝමාස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය අපි මාතරින් ආරම්භ කරනවා. වසර 05 කට පමණ ඉහතදී ආරම්භ කිරීමට සැලසුම් කළ, මාතර දිස්ත්‍රික්කයේ කොටවිල
    ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 50 ක් යොදාගනිමින්, කිලෝවොට් 400 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වසරේ ඔක්තෝම්බර් මස වන විට
    මෙම ව්‍යාපෘතිය සක්‍රීය තත්ත්වයට පත් කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙම කසල ව්‍යාපෘතියේ පසුගියදා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

    මාතර දිස්ත්‍රික් මහා නගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරියේ එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික බලපත්‍ර ලබාදී ඇති අතර
    ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් මිලියන 64 ක මුදලක් ආයෝජනය කර තිබේ. එසේම ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේ සහතික පත් මේ වනවිට නිකුත් කර ඇති අතර මහ
    නගර සභාව විසින් කසල කලමනාකරණ ව්‍යාපෘතිය යටතේ මේ සම්බන්ධයෙන් වන සියලු විධිවිධාන සැලසුම් කර තිබේ.

    දිරාපත්වන කසල එකතු කිරීමේ වැඩසටහනක් සමස්ත දිස්ත්‍රික්කය ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කර, එමගින් ලබාගන්නා කසල යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනා බව
    පැවසූ විදුලිබල අමාත්‍යවරයා, ජීව වායු (බයෝමාස්) මගින් සිදුකරන විදුලිය නිපදවීමේ මෙම ක්‍රියාවලිය, සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කිරිමට පියවර
    ගන්නා බව ද පැවසීය. එසේම කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපාතිය, ගම්පහ දිස්ත්‍රික්යේ හැඳල ප්‍රදේශයේදී පෙබරවාරි මස තුලදී ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී
    වැඩි දුරටත් පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya