මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්සතු කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    පෙබරවාරි 01, 2021

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්සතු කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.

    එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය.

    එම ප්‍රකාශය අනුව අද 01 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
    එහිදී ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවයි. එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
    විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කැරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
    එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.
    ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.
    මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.
    එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි.
    අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටිනවා. මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා යැයි ද අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සදහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය තුමාගේ වෘත්තීය සම්ති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ යන මහත්වරුන් හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya