මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොඩි පෑවිල්ලකදීත් දැඩි ජලහිගයකින් පීඩා විදින කටාන ජනතාවගේ ජල සිහිනය ලෝක ජල දිනයේදී සැබෑ කරවනවා

    පෙබරවාරි 01, 2021

    පොඩි පෑවිල්ලකදීත් දැඩි ජලහිගයකින් පීඩා විදින කටාන ජනතාවගේ ජල සිහිනය ලෝක ජල දිනයේදී සැබෑ කරවනවා ''යැයි කටාන ජල යෝජනා ක්‍රමය නිරීක්ෂණයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.


    කටාන ජනතාව පිඩා විදින ප්‍රධානතම ගැටළුවක් වන්නේ ක්‍රමවත් ජලසැපයුමක් නොමැතිවීම වන අතර පොඩි පෑවිල්ලකදිත් දැඩි ජලහිගයකට මුහුණ දීමට තම ජනතාවට සිදුවන බවත් එම තත්වය නිමාකරමින් 2021 ලෝක ජල දිනයට සමගාමීව කටාන ජනතාවට ක්‍රමවත් ජල සැපයුමක් ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කටාන ජල යෝජනා ක්‍රමයේ වැඩ අවසන් වෙමින් පවතින උතුරු කුලුන වන බම්බුකුලිය ජල කුලුන නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව පැවැති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

    කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පානීය ජල ගැටළුව විසදීමට තම සැමියා වන හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා විසින් උත්සාහ ගත් අතර එතුමා විසින් ග්‍රාමීය ජල යෝජනා ක්‍රම හදුන්වා දෙනු ලැබූවද බහුතර ජනතාවට නියගයන් පවතින කාලයේදී උග්‍ර ජල හිගයකට මුහුණ දීමට සිදුවූ අතර එතුමාගේ ඝාතනයත් සමග කටාන ජනතාවගේ ජල සිහිනය වියැකෙන්නට ඉඩනොදීමේ අභියෝගය තමන් වෙත පැවරුණු බව සදහන් කල රාජ්‍ය අමාත්‍යතුමිය මූලික අදියරේදී ග්‍රාම නිලධාරී වසම් 79කින් වසම් 34ක ජල ගැටළුව විසදීමට තමන්ට හැකිවුවත් ඉතිරි ග්‍රාමසේවා වසම් 45 සදහා ජල සැපයුම ලබාදීමට කාලයක් බලාසිටීමට සිදුවුවත් ඒ සදහා අවශ්‍ය සැලසුම් 2012 වර්ෂයේදී හිටපු ජනපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් හිටපු ජල සම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහයෝගයෙන් සකස් කර අනුමත කරවා ගැනීමට හැකිවූ බව සදහන් කළ අමාත්‍යවරිය ඔවුන් වෙත සිය කෘතවේදීත්වය පිරිනමන බවද සදහන් කළාය.

    ආණ්ඩු මාරුවකදී සකස් කල සංවර්ධන ව්‍යාපෘති සැලසුම් වෙනස් වන කාලයක කටාන ජල යෝජනා ක්‍රමය නොවෙනස්ව ඉදිරියට පවත්වා ගෙන යන්නට හැකිවූ බව සිහිපත් කල රාජ්‍ය අමාත්‍යතුමිය ව්‍යාපෘතිය සදහා මුදල් වෙන්කර ඉදිරියට පවත්වාගෙන යාමේදී කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බවද මෙහිදී සදහන් කළාය.

    කටාන ජල යෝජනා ක්‍රමය සදහා වෙන්වී ඇති මුළු මුදල රුපියල් මිලියන 13000ක් වන අතර ග්‍රාම‌සේවා වසම් 45ක් ආවරණය වන පරිදි උතුරු කුලුන බම්බුකුලියෙන්ද, මධ්‍යම කුලුන තිඹිරිගස්කටුව කුලුනෙන් සහ දකුණු කුලුන ආඩිඅම්බලම කුලුනෙන් යුක්ත ප්‍රධාන ජල කුලුනු 03කින් සමන්විත වන අතර එක් කුලුනක ජල මීටර් කියුබ් 2000ක ධාරිතාවයකින් යුක්ත අතර සමස්ත ධාරිතාව ජල මීටර් කියුබ් 6000කි.

    කුලුනු සදහා ජල සම්ප්‍රේෂණය කිලෝ මීටර් 12ක් වන අතර ජලය බෙදාහැරීම කිලෝ මීටර් 240ක ප්‍රදේශයක් ආවරණය කෙරේ. මෙමගින් ප්‍රදේශයේ පවුල් 55100කට සෙත සැලසෙන අතර මාර්තු මාසයේ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය.

    නව ජල සැපයුම් සම්බන්ධතා ලබාදීම සදහා නිකුත් කෙරෙන අයදුම්පත් මෙහිදී සංකේතාත්මකව බෙදාදීමකට එක්වූ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොවිඩ් 19න් ආරක්ෂාවීම සදහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදවද පැමිණ සිටි ජනතාවට දැනුවත් කල අතර කොවිඩ් 19 සම්පූර්ණයෙන් පාලනය කිරීම සදහා සියලුදෙනාගේම සහයෝගය අවශ්‍ය බව මෙහිදී සදහන් කරන ලදි.

    මෙම අවස්ථාවට ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර/උතුර) එන්.යූ.කේ.රණතුංග, ගම්පහ කළමනාකරු උපේක්ෂා ද සිල්වා, මීගමුව ප්‍රාදේශීය ඉංජිනේරු අමල්ජයරංග, කටාන වැඩභාර නිලධාරී උදිත් කරුණාරත්න යන මහත්ම මහත්මීන් සමග ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික
     මහතාද එක්විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya