මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Covid-19 එන්නත්කරණ වැඩසටහන අයි ඩී එච් රෝහලෙන් ඇරඹෙයි

    ජනවාරි 29, 2021

    කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද දින (29) පෙරවරු 08.30ට කොළඹ ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් (අයි ඩී එච් රෝහලෙන්) ඇරඹි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

    අද දින එන්නත්කරණ වැඩසටහන ඇරඹීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මේ බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද දින රෝහල් 06ක මෙම එන්නත්කරණ වැඩසටහන සිදුවන බවයි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉදිරිපෙළ සේවයේ නියුතු වූවන් හට සහ ආරක්ෂක අංශ වල පුද්ගලයින් සදහා අද දින එන්නත ලබාදෙන බවද ඔහු පැවසුවේය. හෙට සිට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල එන්නත්කිරීම ඇරඹීමට බලාපොරොත්තු වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya