අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවීමේ සිද්ධිය- නෞකාවේ බඳ කොටසට හානියක් සිදුවී නොමැති බවට තහවුරු කරගනී

    ජනවාරි 25, 2021

    ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවීමේ සිද්ධිය- නෞකාවේ බඳ කොටසට හානියක් සිදුවී නොමැති බවට තහවුරු කරගනී

    “ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශිර්ෂය යටතේ 2021 ජනවාරි 23 පල කළ පුවත හා සබැ‍ඳේ

    ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2020 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප ‍නෞකාව ලඟාවූ අතර, මූලික විමර්ශණ ආරම්භ කරන ලදි.

    එම මූලික විමර්ශණයන්ට අනුව අනතුර හේතුවෙන් නෞකාවේ බඳට හානි වීමක් වාර්ථා නොවූ අතර, නෞකාව තුලට ජලය කාන්දු ‍වීමක් හෝ අනතුර හේතුවෙන් සාගරයට ඉන්ධන කාන්දුවීමක් ද වාර්ථා නොවීය. එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි එම නෞකාවේ කපිතාන් ඇතුළු පිලිපීන ජාතිකයින් 15 දෙනා සහ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනාටද (03) මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බවටද අණාවරණය විය.

    නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් (2020 ජනවාරි 24) නෞකාවේ දියයට බඳ කොටස වැඩි දුරටත් පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමෙන් (Diving Operation) අනතුරුව, අනතුර හේතුවෙන් නෞකාවේ බඳ කොටසට හානියක් සිදුවී නොමැති බවට තහවුරු කර ගත් අතර, නෞකාවේ පසුපස සිට ඉදිරියට මීටර 70ක පමණ කොටසක් ගල්පරයේ සිරවී තිබෙන බවද තහවුරු කර ගැනීමට හැකි විය.

    කෙසේ නමුත් එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හමුවේ ඇති වූ දිය වැල් ‍වල බලපෑමෙන් මේ වන විට නෞකාව ගල් පරයෙන් ඉවත් වී ඇති අතර, නෞකාව ගල් පරයේ සිරවී තිබූ කොටසට‍‍ කිසියම් හානියක් සිදුවී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා නෞකාව ආරක්‍ෂිතව නැංගුරම්ලා නැවත වරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පරීක්‍ෂා කිරීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්‍ෂා නෞකාව සමුද්‍රීය පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමඟ අනතුරට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ඇති අතර, හදිසි ඉන්ධන කාන්දුවීමක් ඇතිවුවහොත් එය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ද සමගින් මේ වන විට ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමුද්‍රාරක්‍ෂා නෞකාවද එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී ඇත. එමෙන්ම මෙම මෙහෙයුමට සහය වීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) පණ්ඩුකාභය නැමැති ටග් යාත්‍රාව ද (Tug Pandukabhaya) එම මුහුදු ප්‍රදේශයේ ස්ථානගත කර ඇත.

    තවද, MV Eurosun නැමති නෞකාව අනතුරට පත්වීම‍ හේතුවෙන් නෞකාවේ බඳට හානියක් සිදුවී ඇත්දැයි තක්සේරු කිරීමක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සිදු කරන ලද අතර, මේ වන තෙක් සිදු කරන ලද පරීක්‍ෂාවන්ට අනුව නෞකාවේ බඳට මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බව නිරීක්‍ෂණය වී ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya