අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගහ - කොළ ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති සකස් විය යුතුයි-, කාදිනල් හිමිපාණෝ කියති

    දෙසැම්බර් 23, 2020

    පරිසර පද්ධතිය ආරක්ෂා කර ගතහොත් මෙරට ජල සම්පත අනාගතයේදී සුරක්ෂිත වන ප්‍රධාන මාර්ගය බව රටම සැලකිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. 

    එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ට සුභ පැතීම සඳහා (22) උන්වහන්සේගේ නිල නිවසට ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමතමින් කාදිනල් හිමිපාණන්  වහන්සේ මේ බව සඳහන් කළේය.

     

    "අද වෙන කොට අපේ රටේ විශාල වශයෙන් වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. ඒක නවත්වන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වනාන්තර ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් සකස්  කරන්න රජය පියවර ගන්න ඕන. මේ රටේ ගහ-කොළ විනාශ කරන අයටත් තදබල දඬුවම් දෙන්න නීති සකස් වෙන්න ඕන. එහෙම කරලා මේ රටේ පරිසර පද්ධතිය රැක ගත හැකි වෙතොත්  අනාගතයේ ලෝකයේ ඇතිවන ජල හිඟයේදී ජල සම්පත රැකගත හැකි" බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

     

    නගරයන් ඔක්සිජන් හිඟ නගර බවෙන් මුදා ගන්න අතිගරු ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල කැපවී ඇති බවත්, ගමින් ගම සංවර්ධනය කරන වැඩ පිළිවෙලට පරිසර හිතවාදි කටයුතු ඇතුළත්  බවත් විදේශ අමාත්‍යතුමා මෙහිදී පවසා සිටියේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya