මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි

    නොවැම්බර් 23, 2020

    පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් 6 -13 ශ්‍රේණි සිසුන් සඳහා විවෘත වෙයි.

    • පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි...

    අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

    දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් පහක් සහ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ද, සබරගමුවේ හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (23) සිට 6 - 13 ශ්‍රේණි දක්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

    සියලු පළාත්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේවන විටත් නිකුත් කර ඇති 15/ 2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අදාල සියලු පාර්ශව සහාය කරගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

    විශේෂයෙන්ම එහි සඳහන් ආකාරයට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මූලික කරගනිමින් වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නංවමින් පාසල් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

    රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරමින් මේ සඳහා සහාය වීම සියලු පාර්ශ්ව වෙතින් අපේක්ෂා කරන බව ද අධ්‍යපන ලේකම්වරයා පැහැදිලි කරයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya