අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසුව අවසන් තීන්දුව ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 13, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳි මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසුව අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය අද (13) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කීය.

     

    කොවිඩ්-19 රෝගය වැළඳි මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙන බවත්,මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ්ඥ කමිටුවේ තවත් වාර්තා කිහිපයක් තමා වෙත ලබා දීමට නියමිත බවත් සෞඛ්‍ය ඇමති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

    කෙසේ වුවද,පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කරුණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ කිසිදු තීරණයක් නොගත් බවත්,කැබිනට් මණ්ඩලයට මෙම කරුණ මතු වු අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය දැනුම් දුන්නේ,මේ සම්බන්ධයෙන් පත් කරනු ලබන විශේෂඤ වාර්තාවට අනුව කටයුතු කරන ලෙස බවද අමාත්‍යවරිය කියා සිටියි.

    ඒ නිසා, වාර්තාව ලැබුණු පසුව අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය ඇමති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya