අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 05, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව, ආයෝජන සහ හම්බන්තොට වරාය පිළිබඳ සාකච්ඡාවක්

    අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී තානාපති එරික් ලැවර්ටු මහතා ඊයේ 2020.11.03 දින මේ බව ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කළ තානාපතිවරයා,කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනාත්මකව අගය කළේය.

    “අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව සඳහන් කළේය. ඒ තුළින් පිළිඹිබුවන්නේ ශ්‍රී ලංකාවේ ඉතා හොඳ සෞඛ්‍ය යටිතල ව්‍යුහයක් පවතින බව යැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතාවය වී ඇති බවයි.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද කියා සිටියේය.

    ඒ තුළින් දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බව තානාපතිවරයා විශ්වාසය පළ කළේය. ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා දෙරටම උනන්දුවෙන් පසුවෙති. ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල්වර්ග සහ වායුමය රබර් ටයර් ඇතුළත් වේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya