මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ 02 වන අදියරේ ඉදිකිරීම් ජනපති හා අගමැති උපදෙස් පරිදි ඇරඹේ

    නොවැම්බර් 04, 2020

    මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ 02 වන අදියරේ ඉදිකිරීම් ජනපති හා අගමැති උපදෙස් පරිදි ඇරඹේ.

    * ඉදිකෙරෙන නව නිවාස ගණන 700 කි.

     * අඩුපහසුකම් ජනාවාසවල පදිංචිකරුවන්ට මෙම නිවාස හිමිවේ.

     මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි අද (03) ආරම්භ කෙරිණ.

    අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම නිවාස ලබා දීමට නියමිතයි.

     නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි.

     එක් නිවසක් වර්ග අඩි 550 ක් වන සේ නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතයි.

     මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,000 කි.

     වසර 2 1/2 ක් ඇතුළත මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

     අක්කර 12 ක භූමි භාගයක මෙම මහල් නිවාස ඉදිකෙරෙන අතර එහි පළවෙනි අදියර “මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය” ඉදිකර ජනතාව අතට පත්කර ඇත.

     එය නිවාස ඒකක 472 කින් සමන්විත වේ.

     

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5,500 ක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ 02 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

    මෙම අවස්ථාවට එක්වූ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී කොළඹ අසරණ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් මෙම නිවාස සංකල්පය ආරම්භ කළ බවයි.

     

    “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ධූරය දරපු අවස්ථාවේදී එතුමා ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මේ කොළඹ නගරයේ තියෙන දුගී දුප්පත් පැල්පත්වාසීන්ට නිවාස සාදා දෙන ව්‍යාපෘතිය. ඒ වෙලාවේ එතුමා සංගනනයක් කරලා හොයාගත්තා නිවාස 60,000 ක් පමණ ගොඩ නැගීමේ අවශ්‍යතාව තියෙනවා කියලා. ඉතින් ඒ අනුව එතුමා ව්‍යාපෘති 20 ක් යටතේ මේ නිවාස ගොඩනැඟීම ආරම්භ කළා. 2014 අවසන් වන විට ඉන් සෑහෙන ප්‍රමාණයක වැඩ ආරම්භ වෙලා තිබුණා. එතුමා පටන් ගත්ත ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට නිවාස 18,000 ක් පමණ හදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් පසුගිය අවුරුදු 5 ක කාලය පුරා ආරම්භ වෙලා අවසන් කළේ නිවාස 450 ක් වගේ සුළු ප්‍රමාණයක් පමණයි. දැනට ඉදිවන නිවාස සියල්ලම වගේ එතුමාගේ කාලේ ආරම්භ වෙච්ච දේවල් නමුත් මේ පහුගිය අවුරුදු 5 ක කාලය තිස්සේ මන්දගාමී වෙච්ච මේ ව්‍යාපෘති දැන් වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වේගවත් කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඉන් එක ව්‍යාපෘතියක් තමයි අද මේ ඇපල්වත්ත ව්‍යාපෘතිය පටන් ගන්න නිවාස 700 ගොඩනැංවීමේ වැඩසටහනග මේක චීන රජයෙන් ලැබෙන ආධාරයක් මත නිවාස 5ල500 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එක කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙනවා. තව ව්‍යාපෘති රාශියක් මේ සමගම සමාන්තරවම අපි පටන් ගන්නවා. සියල්ලම කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවාග අද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ නගරයේ පුරාම පැතිරිලා තියෙන සියලුම පැල්පත්වාසීන්ට මේ රජය යටතේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි. අපේ බලාපොරොත්තුව තියෙන්නෙ මේ කොළඹ නගරය එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ වගේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය වශයෙන් පවත්වාගෙන යන්න. අපි එහිදි සම්මානයකට පවා පාත්‍ර වුණා.” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙහිදි අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ නව කොවිඞ් - 19 තත්වයක් සහ ඇඳිරි නීති තත්වයක් තිබුණ ද නිවාස ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.

     

    “අල්ලපු වැටවල්වල බලාගෙන ඉන්න මහජනතාව හිතනවා ඇති අද කොවිඞ් තත්වයක් තියෙනකොට ඇඳිරි නීතියක් තියෙනකොට අපි මොකද්ද කරන්නෙ කියලා. අපි මුකුත් කරන්නේ නැහැ. අපි පටන් ගත්ත ඉලක්කයට යන්න අද ඇපල්වත්තේ තවත් නිවාස 700 ක් ඉදි කරන්න මුල්ගල තැබීම තමයි මේ දැන් සිදු කරන්නේ. කොරෝනා එහෙම නැත්නම් මේ ඇදිරි නීතිය ඔය එකක්වත් අපිට ඕකෙන් බාධක වෙන්නේ නැහැ. අපිට ඉලක්ක ලබා දීලා තියනවාග මාස 47 ක් ඇතුළත මේ ගෙවල් හදලා ඉවර කරන්න කියලා. ඒක අමාරු ඉලක්කයක් වුනත් අපි එය ජයගන්නවා. තමුන්නාන්සේලා දන්නවා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ අඩුආදායම්ලාභී නිවාස නැති කරන්න තමයි අපි මේ නිවාස හදන්නේ. නිවාස 68,694 ක් හදන්න තියෙනවා. දැනට අපි හදලා තියෙන්නේ නිවාස 20,000 ක් විතරයි” යනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ 2014 වර්ෂයේ දී මෙම ස්ථානයේ තිබුණු වගුරු බිම සකස් කර ජනතාවට සුදුසු පරිසරයක් සකස් කිරීමට ප්‍රමුඛ වුයේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවයි.

     

    “ඔබ ඉදිරියෙන් දිස්වන ඇපල්වත්ත මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය අපි ආරම්භ කළා 2014 වර්ෂයේ දී. මේක එකම මඩ වගුරක්. මිනිස් වාසයට නොව සත්තුන්ටවත් ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි මෙතන තිබ්බේ. මේක වැස්සට යට වෙන මුඩුක්කු කිව්වම මුඩුක්කුවල තියෙන හොඳම එක තමයි මෙතන තිබ්බේ. මෙතන ගෙවල් 476 ක් අපි හදලා මේ වත්තේ හිටපු අයටම මේක දුන්නා. එහෙම දීලා තමයි අපි මේ නිවාස ව්‍යාපෘතිය අපි අක්කර 12 ක භූමි ප්‍රමාණයක් නිදහස් කරගත්තේ. එදා වැස්සට යටවුණු කුණු ගොඬේ ජිවත් වෙච්ච ඇපල්වත්ත ප්‍රදේශවාසීන්ට අද සුපිරි පන්තියේ විශේෂයෙන්ම නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් තියෙන වර්ග අඩි 550 කට වැඩි ඉඩ ප්‍රමාණයකින් යුතු ගෙයක් මේ හිටපු සෑම පවුලකටම ලබා දුන්නා. 2011 එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම අනුව ආරම්භ කරනු ලැබූ නිවාස ව්‍යාපෘතිය 20 වැනි ව්‍යාපෘතිය තමයි මේග 2020 මේ වර්ෂයේ තුළ ව්‍යාපෘති තුනක් ආරම්භ කළා. මේ හතරවෙනි ව්‍යාපෘතිය. මීට අමතරව මෙතන තව නිවාස 700 ක් හැදෙනවා. තවත් ව්‍යාපෘති දෙකක් ඉතාමත් කෙටි කාලයක් තුළ අපි ආරම්භ කරනවා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු රජය ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ රාජ්‍ය අමාත්‍යතුමා ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ දැක්ම අනුව තමයි අපි යන්නේ. මේකේ වෙනස තමයි අපි ඔබ හැමදෙනාටම කියන්න ඕන අපි ඇවිල්ල තියෙන්නෙ අපේ රජයේ පත්වෙලා තියෙන්නේ අපි පත් කරලා තියන නිලධාරීන් හැටියට මේවා මහ පොළොවේ යථාර්ථයක් බවට පරිවර්තනය කරන්නග මේ සඳහා සහය දෙන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා මහතාට මගේ විශේෂ ස්තූතිය හිමිවෙනවා” යනුවෙන් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.

     

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya