මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කරන අතරම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුයි

    නොවැම්බර් 03, 2020

    මෙරටට වඩ වඩාත් වෛද්‍යවරු අවශ්‍ය බවත් වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කරන අතරම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතු බවද වෛද්‍යවරු බිහිකිරීම මෙන්ම තුලනාත්මකව ඔවුන් දිවයින පුරා රෝහල් වලට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව රැස් වූ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග 02 ක් විවාදයට ගනු ලැබිණි. මෙම විවාදයට එක්වෙමින් සහ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලේමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය මෙවර 10,500කින් වැඩි කළ බවත් වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 371 ක් වැඩි කල බවත් සඳහන් කළ අමාත්‍යවරයා සබරගමුව විශ්ව විද්‍යාලයේ යටිතල පහසුකම් වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ සඳහා කටයුතු කරන බවද කීය.

     

    වසරකට වෛද්‍යවරු 700ක් පමණ විදේශගතවන බවත් ආසියාවේ අනෙක් රටවල් හා ජනගහණයත් සමග සසඳන කළ මෙම වෛද්‍යවරු ප්‍රමාණය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් තව තවත් වෛද්‍යවරු අවශ්‍ය බවද පැවසූ අමත්‍යවරයා අපගේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාව සහ නිපුණත්වය නිසා රටට කීර්තියක් අත් කර ගත හැකි වී ඇති බවත් එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු බව ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya