අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩපිළිවෙලක්

    ඔක්තෝබර් 31, 2020

    කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවෙයි.

    ඊට අදාළ වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

    සංචාරක සංවර්ධන පනත යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව පත් කෙරුනු උපදේශක කමිටුවේ මංගල රැස්වීමේදී ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය. කමිටු රැස්වීම ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේ දී පසුගිය (28) ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පත් කල සංචාරක උපදේශක කමිටුව මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව ප්‍රධාන පෙලේ විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විතය. මෙම ප්‍රමුඛ හෝටල් කරුවන් හා සංචාරක නියෝජිතයන් වන හිරාන් කුරේ, චන්ද්‍රා වික්‍රමසිංහ, තිමති රයිට් (ෂැන්ග්‍රිල්ලා උප සභාපති) රජිත දිසානායක (ඩිජිටල් අලේවිකරණ) නිස්තාර් කාසීම් (මාධ්‍යවේදී) නීමේෂ් හේරත් (ඩිජිටල් අලෙවිකරණය), විපුල ගුණතිලක (ප්‍රධාන විධායක නිළධාරී- ශ්‍රී ලංකන් එයාර් ලයින්) ඇතුලු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන සවී ගුණසේකර, විකුම් නවගමුව, රංජිත්ද සිල්වා, ට්‍රෙවීන් ගෝමස්, යන මහත්වරු මෙම උපදේශක
    කමිටුවේ සාමාජිකයෝ වෙති.
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැකුවූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
    “ අපි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ බිද වැටුනු ප්‍රධාන කර්මාන්තය තමයි සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රය. සංචාරක ක්ෂේත්‍රය සෘජු හා වක්‍ර රැකියා වල නිරත ලක්ෂ තුනකට ආසන්න පිරිසකට අද කොවිඩ් වසංගතය නිසා සිය ජීවනෝපාය සම්පූරණයෙන්ම අහිමි වෙලා. මේ නිසා ඔවුන්ට හා ඔවුන්ගේ යැපෙන්නන් විශාල පිරිසක් දැඩි ආර්ථික අර්බුධයකට ලක්ව තිබෙනවා. ඔවුන්ට කිසියම් සහනයක් සලසන්න රජයක් ලෙස අපි පසුගිය කාලේ කැබිනට් පත්‍රිකා 02ක් දාලා ඒ සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කලා.

    කොවිඩ් වසංගතය පාලනය වෙලා ලෝකයේ සංචාරක කාර්මාන්තය නැවත කවදා යථා තත්ත්වයට පත්වේදැයි අපට නිශ්චිතවම කියන්න බෑ. ඒ සදහා අනාවැකි පළ කරන්නත් බෑ. අපි දැනටමත් කෝවිඩ් පාලනය වූ පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න විවිධ උපාය මාර්ගික සැලසුම් සකස් කර තිබෙනවා. කණ්ඩායම් වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම,
    සංචාරකයන් සදහා නව රක්ෂණ ක්‍රම හදුන්වා දීම, සංචාරකයන් සදහා නව පරිගණක යෙදුමක් (ඇප්) හදුනා දීම වගේ දේවල්. මේ මොනවා කලත් සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනකයි අපිට සංචාරකයන් සදහා රට විවෘත කරන්න වෙන්නේ. ඒ වගේම මෙරට සංචාරකයන් නැවත ගෙන්වීමේදී සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අපට සිදු වෙනවා.

    මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මේ කොවිඩ් වසංගතය පවතින කාලය තුල ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ඒ නිසා මේ අය වෙනුවෙන් විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් කඩිනමින් හදුන්වා දිය යුතුයි. ඒ සදහා අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරීම අමාත්‍යංශය හා සංචාරක අධිකාරියේ නිළධාරීන් හා එක්වී එම වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක ව්‍යාපාරය මෙරට ප්‍රධානම ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කලා. ඒ නිසායි 2025 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 07 දක්වාත්, ඉන් ලැබෙන ආදායම රුපියල් බිලියන 10 දක්වාත් වැඩි කිරීමට යෝජනා කලේ. ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්න කොට තමයි මේ කොවිඩ් වසංගතය ඇවිත් ලෝකයේ සංචාරක ව්‍යාපාරය බිද දැමුවේ. කුමන තත්ත්වයක් යටතේ හෝ ඒ
    ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ අපි තවම අතහැර නෑ. ඒ ඉලක්ක සපුරා ගැනීම අවශ්‍ය උපදේශණය තමයි මේ අපි මේ උපදේශක කමිටුවේන් අපේක්ෂා කරන්නේ.
    කමිටුවේ සභාපති ලෙස හිරාන් කුරේ මෙහිදී පත් කෙරිණ.
    අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ යන මත්ම මහත්මීන්ද මෙහිදී අදහස් පල කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya