අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කරයි

    ඔක්තෝබර් 30, 2020

    මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කරයි

    මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සභා වාරය, 29 දින මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සභාපති, අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.


    මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදි කිරීම් සෘජු කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතන වෙත ලබාදීමට ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය. දඹානේ ආදිවාසීන්ට අයත්, එක්‌සත් රාජධානියෙහි එඩින්බර්ග් සරසවි කෞතුකාගායේ තැන්පත් කොට තිබූ, ආදිවාසී ජනතාවගේ හිස්‌කබල් නැවත ආදිවාසී නායක ඌරුවරිගේ  වන්නිලඇත්තන්ට භාර දීම එඩින්බර්ග් සරසවියේ පැවැති උත්සවයකදී සිදු විය.

    ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමකින් යුත්, ආදිවාසී ජනයාට අයත් යැයි පැවසෙන මෙම අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදි කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල්  වෙන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    2021 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3400ක මුදලක් අනුමත කිරීම ද මෙම කමිටුවේදී සිදු විය.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, සංචාරක අමාත්‍යංශ ලේකම් සුනිල්
    හෙට්ටිආරච්චි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී,
    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙරත් දිසානායක මහත්වරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya