අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී ගම්පහ රෝගීන් හමුවන ප්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒමට හැකිවෙයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)

    ඔක්තෝබර් 28, 2020

    මිනුවන්ගොඩ පොකුරෙන් රෝගීන් හමුවෙන සීග්‍රතාවය මේ වන විට ඉතාමත් පහළ මට්ටමකට පත්වෙලා- ඉදිරියේදී ගම්පහ රෝගීන් හමුවන ප්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒමට හැකිවෙයි.. - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)

    දැනට පවතින සංඛ්‍යා ලේඛණ අනූව අද (28) උදෑසන වන විට මිනුවන්ගොඩ පොකුරෙන් රෝගීන් හමුවන සීග්‍රතාවය ඉතාමත් පහළ මට්ටමකට ගොස් ඇති බවද, ඒ අනූව මෙය සම්පූර්ණයෙන් සමනය වීමට සෑහෙන කාලයක් ගත වුවත් ඉදිරියේදී ගම්පහෙන් රෝගීන් හමුවන ප්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒ්මට පුළුවන් වෙතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (28) රට තුළ පවතින වත්මන් කොරෝනා තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    ප්‍රවෘත්ති සාකච්ඡාවට මුලපුරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා කෝවිඩ් සම්බන්ධව නවතම දත්ත ඉදිරිපත් කරන ලදී. ඒ අනූව අද සවස 02 වන විට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8807ක්ද, නිරෝධායන මධ්‍යස්ථාන 75ක 7530 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු පැවසුවේය. පසුගිය දිනයෙහි පී සී ආර් පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකළ බවද පී සී ආර් මධ්‍යස්ථාන 24ක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 37ක් පවතින බවද ඔහු වැඩිදුරටත් අවදාරණය කළේය.
    දැනට කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඇදන් 5209ක් පවතින අතර කොවිඩ් රෝගීන් 4729ක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සහ රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර ලබන අතර තවත් ඇදන් 369ක් ඉතිරිව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සිය අදහස් දැක්වීම තුළදී අවදාරණය කළේය.
    අද දින බස්නාහිර පළාතේ යම් ආකාරයකින් දැඩි අවදානම් කළාප වශයෙන් හදුනාගත් ප්‍රදේශ කිහිපයක පී සී ආර් පරීක්ෂණ සිදුකළ බවද, ඒම පරීක්ෂණ වල ප්‍රතිඵල අනූව දිවයිනේ කුමන ප්‍රදේශ වලින් රෝගීන් හමුවේද යන්න කල් ඇතිව කිව නොහැකි බවද හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය.
    සෞඛ්‍ය අංශ විසින් ඉලක්කගතව සිදුකරන පරීක්ෂණ නිසා බලාපොරොත්තු වන ප්‍රතිශත වලින් රෝගීන් හමුවන බවද, අනෙක් ප්‍රදේශ වල රෝගීන් හමුවීම අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග ජනතාව වෙත මේ වන විටත් දැනුම්දී ඇති අතර ඒ් අනූව කටයුතු කිරීම මේ අවස්ථාවේදී වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.
    මේ අවස්ථාවේදී වෙනස් කරන ලද නිරෝධායන ක්‍රමඋපායන් නිසා බොහෝ ස්ථාන වල ජනතාව නිවෙස් වලදී නිරෝධායනයට ලක් කරන අතර ඒ් සදහා සෞඛ්‍ය අංශ, යුධ හමුදාව, පොලීසිය මෙන්ම සිවිල් නිලධාරීන්ගේ නොමද අධීක්ෂණය යටතේ ඒම කටයුතු ක්‍රමවත්ව සිදුවන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.
    ඔහු සිය අදහස් දැක්වීමේදී මෙලෙසද පැවසුවේය. අපි හිතනවා මෙය තවදුරටත් ව්‍යාප්ත වීමකින් තොරව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. මේ අවස්ථාවේදී පැහැදිලිවම කිවයුතුයි ඉදිරියේදී හමුවන රෝගීන් සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම බින්දුවට බහින්නේ නැහැ. ඒය තවදුරටත් අඩුවැඩි වෙමින් ටික කාලයක් පවතිනවා. ඒයට හේතුව තමයි රෝගීන්

    හොයාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සහ මෙවැනි පොකුරක් බිහිවූ සෑම අවස්ථාවකම බීජාඖෂණ ක්‍රම ඒකක් දෙකක් යනකන් මෙම රෝගීන්ගේ හමුවීම හැම වෙලේම සිදුවීම. ඒ් නිසා මේ සංණ්‍යාවන් හමුවීම තත්ත්වය බරපතල වීමක් කියලා විශේෂයෙන් හිතන්න අමාරුයි. නමුත් අප ගෙන යන ක්‍රියාමාර්ග වල තියෙන සාර්ථකත්වය මෙතනින් ඒක්තරා දුරකට පිළිබිඹු වෙනවා. නමුත් විවිධ ප්‍රදේශ වලින් මෙලෙස රෝගීන් හමුවීමත් සමග ඒ් ඒ් ප්‍රදේශ වලට අවශ්‍ය කරන මහජන සෞඛ්‍ය මැදිහත්වීම් කරගෙන යාමේදී අපිට මෙය මීට වඩා අභියෝගාත්මක ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒය වැළැක්වීම සදහා ජනතාවගෙන් අවශ්‍ය කරන සහයෝගය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.
    රසායනාගාර සේවා පිලිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඊයේ රාත්‍රී 12 වන විට රසායනාගාර වලින් පී සී ආර් පරීක්ෂණ 8831 ක් ලංකාව තුළ සිදුකර ඇති අතර ඉන් පන්සිය ගණනක් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි. මෙම අවස්ථාවේදී උපරිම ධාරිතාවයෙන් රසායනාගාර ක්‍රියා කරන බවත්, හුගත් ප්‍රදේශ වල මාළු ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියවී ඇති බවත් ඔහු සිහිපත් කළේය.
    මාළු පරිභෝජනයේදී සැලකිලිමත් විය යුතු ආකාරය පහදමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසි ලෙසකත් මාළුවාගේ ශරීරගතව වෛරසය නොපවතින අතර අයිස් මත හෝ මාළුවාගේ මතුපිට පෘෂ්ඨයෙහි තැන්පත් වී පැවතිය හැකි බැවින් ශීතකරණයෙහි මාළු ඇතිනම් මාථ පිසීමට පෙර ශීතකරණයෙන් ඉවතට ගැනීමේදී මුහුණු ආවරණයක් පැළද ඒළියට ගෙන පිරිසිදු කළ යුතු අතර ඉතිරවූ උණුසුම් ජලයෙන් ඒනම් සෙල්සියස් අංශක 60 ට වැඩි ජලයෙන් හොදින් හෝදා මාළු පිස ආහාරයට ගැනීම සිදුකළ යුතු බවයි. ඒමෙන්ම කිසි විටෙක මාළු පිරිසිදු කිරීමේදී මුහුණ මුඛය සහ නාසය ස්පර්ශ නොකිරීමට වගබලාගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. ඔහු වැඩිදුටරත් පැවසුවේ පරීක්ෂණ සදහා දැනට පවතින පීසී ආර් කට්ටල ඉදිරියේ කිසියම් කාලසීමාවක් සදහා ප්‍රමාණවත් වන අතර දිගින් දිගමට පී සී ආර් පරීක්ෂණ කට්ටල ඇනවුම් කරන බවයි.
    ජනතාවට කොවිඩ් සම්බන්ධව ඇති ගැටලු සදහා ඇමතීමට වෙන්කර ඇති සුවසැරිය 1999 ක්ෂණික දුරකතන අංකය දිගටම ක්‍රියාත්මක බව පැවසූ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා වැඩිදුරටත් පැවසුවේ දිනකට ඇමතුම් 3000ක් පමණ පැමිණෙන අතර භාෂා ත්‍රිත්වයෙන්ම වෛද්‍යවරුන් ඒම ඇමතුම් සදහා පිළිතුරු ලබාදෙමින් ජනතාවට සේවය සපයන බවයි.
    විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විශේෂයෙන් අවදාරණය කළේ මෙම අවස්ථාවේ කෝවිඩ් රෝගය සදහා වැඩි අවදානමක් ඇති පිරිස වශයෙන් සැලකෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් වන අතර ඔවුන් මෙම අවස්ථාවේදී නිවෙස් වලින් බැහැර නොයමින් තමන් දෛනිකව ගන්නා ඖෂධ නිසි පරිදි පානය කරමින් පසුවීම වැදගත් වන අතරම සුළු හෝ රෝග ලක්ෂණයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya