මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා ක්ෂණිකව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට දැනුම්දීම සදහා ක්‍රමවේදයක්

    ඔක්තෝබර් 07, 2020

    රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව ක්ෂණිකව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) දැනුම්දීම සදහා ක්‍රමවේදයක් සැකසීමට එම කාරක සභාවේ අවධානය යොමු විය.

    කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) එය රැස්වූ අවස්ථාවේ මේ පිළිබදව සාකච්ජා විය.

    කෝපා කමිටුව පිළිබඳව එහි සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැති මෙම කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන රැස්වීම් මාධ්‍යට විවෘත කරන බව යි.
    විගණන වාර්තාවල පෙන්නුම් කරන ගැටලු වලට බලපාන ලද නියම හේතු සාධක සෙවීම පිළිබදව කාරක සභාවේ විශේෂ අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවට සහ කාරක සභාවට පවතින බලතල ප්‍රකාරව රාජ්‍ය ආයතන තුළ පවතින ගැටලු විසදීම සදහා කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව මගින් ලබා දෙන මුදල් නිසි අයුරින් වියදම් කරන්නේද සහ එහි කාර්‍ය සාධනය කවරේද යන්න පිළිබදව අවධානය යොමු කළ යුතු බවත් හෙතම පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා පැවසුවේ මූල්‍ය විගණනය මෙන්ම ආයතනවල කාර්‍ය සාධනය පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි. කාරක සභා ජනමාධ්‍යට විවෘත කිරීම මගින් කාරක සභාවේ කටයුතු පහසුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    කාරක සභාවේ හිටපු සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ අටවන පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ බවයි. රාජ්‍ය ආයතන 844 ක් ඇගයීම සඳහා නිසි වැඩපිළිවෙලක් සැකසු බවත් , එය ඉදිරියට පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් හිටපු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. අදායම්

    ලබන ආයතන කඩිනමින් කාරක සභාවට ගෙන්වා පරීක්ෂා කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නොවැම්බර් 03/04 සහ 05 යන දින 03 තුළ කාරක සභාවට කැදවීමට ද තීරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසුවේ පාර්ලිමේන්තුව සහ කාරක සභාව අතර සබඳතාවය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බවයි. තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා කාරක සභාවේ අවධානය යොමුවිය යුතු බව ද ජයතිලක මහතා පැවසීය.

    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , නිරෝෂන් පෙරේරා, ෆයිසාල් කාසීම් , අශෝක් අබේසිංහ , බුද්ධික පතිරණ , කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද කාරක සභාවට සභභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya