මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණයක්

    ඔක්තෝබර් 06, 2020

    උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, පක්ෂ නායකයන් තීරණය කළේ හෙට (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමටයි. 

    කෙසේ නමුත් හෙට (07) සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.
    ඒ අනුව හෙට (07) ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගනු ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya