මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය මාර්ගෝපදේශ සියළු අංශ පිළිපදිනවා ද යන්න සෞඛ්‍ය අංශ මගින් තදින් සොයා බැලීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 05, 2020

    “කොවිඩ් - 19 පාලනයට ජනතාව ලබාදුන් සහයෝගය නැවත ලබාදෙන්න, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, සෞඛ්‍ය මාර්ගෝපදේශ සියළු අංශ පිළිපදිනවා ද යන්න සෞඛ්‍ය අංශ මගින් තදින්  සොයා බැලීමට කටයුතු කරනවා” - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

     

    රාජගිරිය කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (04) දින පැවැති විශේෂ මාධ්‍ය හමුව සදහා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ
    කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “සමාජයෙන් රෝගියෙක් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ්-19 මර්දනය කිරීමට පසුගිය කාලයේ දී
    ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්න කියලා.මෙම රෝගය මර්දනය කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමා ඇතුලු රජය ගත් ක්‍රියාමාර්ගයත්, ජනතාව ලබාදුන් සහයෝගය නිසාත් තමයි පසුගිය
    කාලයේ අපිට මෙම රෝගය මර්දනය‍කර ගැනීමට හැකි වුණේ. සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු, මීටරයක දුරක් පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළදීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු
    වලට අනුගත වන්න කියලා ඉල්ලා සිටිනවා. එක රෝගියයි තවම මතු වෙලා තිබෙන්නේ. නමුත් එම තත්ත්වය මර්දනය කරගෙන රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔබගේ සහයෝගය අපට
    ලබාදෙන්න. ඒ සදහා උපරිම වශයෙන් අප කැපවෙනවා.”

    ලොව අන් රටවලට වඩා ශ්‍රී ලාංකීය ජනතාව සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පිළිපැද්දා. රට පැවැති තත්ත්වයෙන් මුදවා ගැනීමට එය අපට විශාල සහයෝගයක්, ශක්තියක් වුණා. අද ලෝකයේ
    ඖෂධයක් නැති මෙම ලෙඩෙන් දසලක්ෂයක් පමණ රෝගීන් මියගොස් තිබෙනවා. මෙම රෝගය හුස්ම ගැනීමෙන් පවා බෝවිය හැකි රෝගයක්, තෙරපුම් ස්ථාන වල ඉන්න එපා. සංගීත
    සංදර්ශණ, ප්‍රියසම්භාෂණ වැනි දේවල් අපි රටේ නැවැත යම් කිසි කාල සීමාවක් සදහා නැවැත්විය යුතු වෙනවා.

    “සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රටේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මාර්ගෝපදේශණ 56 ක් නිකුත් කරලා තිබෙනවා ඒ ඒ ආයතන අංශ කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබදව.
    එම මාර්ගෝපදේශණ අනුව කටයුතු කළ යුතු වෙනවා. සියළු අංශ ක්‍රියාත්මක විය යුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද පළ කොට තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශණ
    පිළිපදිනවා ද යන්න පිළිබද සෞඛ්‍ය අංශ මගින් ඉතා තදින් පරීක්ෂාවට ලක් කෙරෙනවා.”

    “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි
    සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම සදහා අවශ්‍ය නියැදි ලබාගන්නා ලෙස. ඒ අනුව තමයි මෙම රෝගියා සොයා
    ගැනීමට හැකි වුණේ. නැවැත ස්ථාන 03 කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි නිශ්චිතවම කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙන්නේ. මේ රටේ කොවිඩ් -19 පාලනයට ඉතා
    තදින් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දීත් ගනු ලබනවා.”

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya