මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ඇදිරි නීතියට ගරු කර සෞඛ්‍ය පුරුදු පිළිපදින්න

    ඔක්තෝබර් 04, 2020

    දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ඊට පරිබාහිර රටේ සියලුම ජනතාවගෙන් නැවත සෞඛ්‍ය පුරුදු වලට අනුගත වන ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.

     

    අද (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේ පැවසීය

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එමෙන් ම පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවරා ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මිනවන්ගොඩ හා දිවුල පිටිය පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    වි⁣ශේෂයෙන් ඒ ප්‍රදෙශවල ජනතාවගෙන ඉල්ලා සිටින්නේ,ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසය.පසුගිය මාර්තු 18 වන දින සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය මාස 03 ක ආසන්න කාලයක් පැවතුණ අතර ඒ කාලය තුළ දී රටේ ජනතාවගෙන් 99% ක්ම එයට අවනත වු නිසා මෙම රෝගය පාලනය කළ දෙවන රට බවට පත්වීමට හැකි වු බව අජිත් රෝහණ මහා පැවසීය.

    මේ නිසා ශ්‍රි ලංකා පොලිසිය වෙනුවෙන් මා ඉල්ලා සිටින්නේ,මෙම ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසටය.මෙම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ පෙර පරිදිම තම නිවසෙන් පිටතට පැමිණීමට නොහැකි බවත්,වෛද්‍ය සේවා,සෞඛ්‍යසේවා ,අත්‍යාවශ්‍ය සේ පමණක් එම ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවයි.
    යම් කෙනෙකු ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරන්නේ නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත්,ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමටත්, නිරෝධායන කටයුතු සිදු කිරිමටත් සිදු වන බවය.
    එම ප්‍රදේශවල ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ,පොලිස් නිලධාරීන්,සෞඛ්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකයින් ඔබගේ නිවසට,කාර්යාලයට,ප්‍රදේශයට පැමිණෙන පුලුවන් බවත්, මේ අයට උපරීම සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

    දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ දෙකට ම මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ඊට පරිබාහිර ⁣රට් සියලුම ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ, නැවත පෙර පුරුදු ලෙස සෞඛ්‍ය පුරුදු වලට අනුගත වන ලෙසය.

    එමෙන් ම උත්සව,සාද පැවැත්වන්නේ නම් එය ⁣සෞඛ්‍ය බල ධාරීන් දැනුම්වතු කරන ලෙස ද,යම්කිසි ලිහිල් බවක් මේ දක්වා අනුගමනය කළ ද නැවතත් අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව ද යම්කිසි අවස්ථාවක දී මෙම නිරෝධාන නීති උල්ලංඝණය කළහොත් ඊට විරුද්ධව නඩු පවරා වැරදකරුවෙකු වුවහොත් ඔහු සිරදඩුවමක් හා දඩ මුදලකට ද යටත් වීමට ද සිදු වන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පතිවරයා සදහන් කළේ ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya