මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ පවතින තත්ත්වය පිළිබඳව යුද හමුදාපති සිදු කරන ලද ප්‍රකාශය

    ඔක්තෝබර් 04, 2020

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳවඅද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී.


    එහිදී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.


    ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ, මිනුවන්ගොඩ නගර මධ්‍යයේ තිබෙන ඇඟලුම කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කාන්තාවක් 30 වන දින ඇයට ඇති වූ සෞඛ්‍ය තත්වයක් යටතේ ගම්පහ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව රෝහලින් පිටත් කිරීමට ප්‍රථම එම රෝහලින් කරන ලද PCR පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම ඊයේ රාත්‍රියේදී අපට ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අනුව වහාම අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව වහාම ඔවුන්ව පවුලේ අයව නිරෝධානයනය කිරීමට අප කටයුතු කරනු ලැබුවා. ඇයව IDH රෝහලට ඇතුළත් කරන අතරතුර පවුලේ සියලුම සාමාජිකයින් හමුදාව තුළ නිරෝධායනය කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

    ඒත් එක්කම එම පවුල හා සම්බන්ධ වු තව පවුල් කිහිපයක් තිබෙනවා. එම පවුල්වල අයත් මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම කාන්තාව සුපවයිසර් කෙනෙකු ලෙස මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ සේවය කරන ගොඩනැගිල්ලේ සිටි සියලුම අයවළුනුත් ඇය හා සමීපව සිටි විශේෂයෙන්ම ඇය ගමන් කර ඇත්තේ එම පෞද්ගලික ආයතනයට අයත් බස්රථයක පමණයි නිවෙස දක්වා, ඒ බස් රථයේ ගමන්කළ අයවළුන් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා, නිවෙස් වල. ඊට අමතරව ඇය හා සම්බන්ධ වූ ඇය හා පසුගිය දින කීපයේදී හමු වූ සියලුම අයත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායනය කිරීමට ඊයේ රාත්‍රියේදීම කටයුතු කරනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම අපි හමුදාව මාර්ගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. ඒ සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ සිදුකර ඔවුන් කිසිවකුට හෝ කොවිඩ් 19 රෝගය තිබෙනවාද කියා තහවුරු කරගැනීමට අද දිනය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙනවා.

    විශේෂයෙන්ම, මේ තත්වයත් සමග අද උදෑසන අතිගරු ජනාධිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව, අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් ලබාදුන් අදහස් වලට අනුව ප්‍රථම කාර්යයක් වශයෙන් මැය ගමන් කළ, ජීවත් වන දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයත් මිනුවන්ගොඩ කර්මාන්තශාලාව පිහිටි බල ප්‍රදේශයත් කියන බලප්‍රදේශ දෙකටම නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට කටයුතු කරනු ලැබුවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දන්වන තුරු, විශේෂයෙන්ම මේ මූලාශ්‍ර සොයා ගන්නා තුරු ක්‍රියාත්මක කිරීමට තමයි කටයුතු කර තිබෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී කිවයුත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව අතර මේ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ගමන් කළ අයත් ඉතාම ප්‍රවේශම් වියයුතුව තිබෙනවා. අප දන්නැහැ මේ කියන පැය වන විට මේ මුලාශ්‍රය මේ යැයි කියා සොයා ගැනීමට අපට හැකියාවක් ලැබී නැහැ. නමුත් අප සොයමින් සිටිනවා.

    මෙම සේවිකාව සේවය කරනු ලබන එම ආයතනයේ සිටින සංඛ්‍යාවෙන් හරි අඩක් වගේ නේවාසිකව සිටින අය. ඒ අනුව යම්කිසි ආකාරයකට එම තත්වය එතැනදී පාලනය වී තිබෙනවා,යම්කිසි ආකාරයකට. එතැනදී සුළු කොටසක් තමයි සමාජයට, නිවෙස් බලා ගොස් තිබෙන්නේ. ඒ ජනතාව දන්නවා එම සම්බන්ධතා කොතෙක් දුරට විහිදෙනවාද කියන එක. ඒ හේතුව මත තමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය රජය මගින් යොදවන්නට කටයුතු කළේ. කෙසේ හෝ මෙය සමාජගත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

    ඒ එක්කම අප දැක්කා පසුගිය දින කීපයේදී සෑම දිනකම පාහේ විද්‍යුත් නාලිකා මාර්ගයෙන් අප දැනුම් දුන්නා ජනතාවට කොවිඩ් 19 තිබෙනවාද කියාවත් දන්නේ නැති ආකාරයට හැසිරෙන තත්වයක් අප දැක්කා. ඊයේ දිනයේත් අප දැනුම් දුන්නා මේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියා. නමුත් එසේ ක්‍රියා කරන්න කීවත් කිසිම උනන්දුවක් දැක්වූයේ නැති තත්වයක් තිබුණා. ඒ සමගම ඇති තවත් තත්වයක් තමයි විදේශ වල සිටින අය ගෙන්වා ගන්නේ නැහැ කියා විශාල දෝෂාරෝපණයක් රජයට දැක්වූවා.මෙහිදී රජය විසින් විශේෂ ක්‍රමවේදයක් යටතේ තමයි මේ අය ගෙන්වා ගත්තේ. මේ සමාජගත වීම වළක්වා ගැනීමට. ඒ නිසා මේ විදේශවලින් එන අය යම්කිසි ක්‍රමවේදයකට අනුව පාලනය කරගැනීමට හැකියාවක් තිබෙන ආකාරයටයි ගෙන්වා ගනු ලබන්නේ. මෙහි මූලාශ්‍රය ඊළඟ පැය කීපයේදී, දින කීපයේදී සොයා ගන්නට අපට අනිවාර්යයෙන් හැකියාවක් ලැබේවි. ඒ අනුව අප ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya