මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසනවා” - සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 01, 2020

    මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


    සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස්  පළ කරන ලද්දේ මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයට එක්වෙමෙනි. 

    ශ්‍රී ලංකා මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 2003 වසරේ ආරම්භ කරන ලද අතර, විද්‍යාලයේ දැක්ම වන්නේ මානසික දියුණුව ප්‍රවර්ධනය කිරීම වන අතර, එහිදී සෞඛ්‍ය සහ ඒ ආශ්‍රිත විද්‍යාවන්, මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය පුහුණුවට පහසුකම් සැපයීම, මනෝ චිකිත්සාව පිළිබඳ උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධිධාරීන් බවට විද්‍යායතනයේ වෛද්‍යවරුන් පත් කිරීම සිදු කරනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මා හට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මනෝචිකිත්සක විදයාලයට මා පළමු‍වෙන‍්ම ස්තූතිවන්ත වෙනවා. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් අංගයක් ලෙස මානසික ආබාධිත පුද්ගලයින් රැකබලා ගන්නා මනෝචිකිත්සාව පෙන්වා දිය හැකියි. මානසික ආබාධිත පුද්ගලයින්ට  ගෞරවයෙන් සැලකිය යුතු වෙනවා. අප ප්‍රජාව තුළ ප්‍රවර්ධනය කළ යුතු කරුණක් ලෙස මානසික ආබාධිත පුද්ගලයින්ට, හෘද රෝග , අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති පුද්ගලයින්ට මෙන්ම දයානුකම්පාවෙන් යුක්තව  සැලකිය යුතු වෙනවා.”
     

    “මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ සදහා වන කටයුතු ඉදිරියේ සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොකොට සියළු ජනතාව ඉළක්ක කර ගනිමින් පුළුල් කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමේ බොහෝ රෝහල්වල අපි මනෝචිකිත්සකයින් පමණක් නොව, මනෝචිකිත්සාව පිළිබඳ ඩිප්මලෝමාව ලබා ඇති වෛද්‍ය නිලධාරීන් ද සේවයේ යොදවා තිබෙන බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ අනුව අපට ජනතාවට සමීප සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මනෝචිකිත්සක සත්කාර වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල සහයෝගයක් ලබා දී  තිබෙනවා. විවිධ තත්ත්වයන් යටතේ මනෝචිකිත්සකයින්  විසින් කරනු ලබන සේවාවන් මම බෙහෙවින් අගය කරනවා. සියලු සංවර්ධිත රටවල මනෝ වෛද්‍යවරුන් වශයෙන් ඔබට විශාල ඉල්ලුමක් තිබියදීත් ඔබගෙන් බොහෝ දෙනෙක් මව්බිමට සේවය කිරීමට නැවත පැමිණ තිබීම සතුටට කරුණක්. වඩාහොඳ හා නවීකරණය කරන ලද මනෝචිකිත්සක සේවාක් ලබාදීමට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය ආයතනවල මනෝචිකිත්සක ඒකක සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් මාගේ උපරිම සහයෝගය ලබා දෙනවා. මෙහිදී ප්‍රජා සේවා වැදගත් වන අතර, එමඟින් මිනිසුන්ට තම නි‍වෙසේවල පවා ඔවුන්ට අවශ්‍ය රැකවරණය නැවත ලබා ගත හැකි වෙනවා.” “COVID -19 ව්‍යසනයේ දී තැපැල් සේවා භාවිතා කරමින් සියලුම රෝගීන්ගේ නිවෙස්වලට අඛණ්ඩව  ඖෂධ  ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වුණා. ඒ පිළිබද අපි සතුටට පත්වෙනවා . නව රජසේ ජනාධිපතිතුමාගේ  හා අගමැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී  පවා හැකි උපරිම සෞඛ්‍ය සේවාවක් ජනතාවට නොඅඩුව සැපයීමට කටයුතු කළා. නව රජයේ හා සෞඛ්‍ය අංශයේ කැපවීම මෙයින් පෙන්නනුම් කරනවා. මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය තුළින් මනෝචිකිත්සක වෛද්‍යවරුන්ට මහා දැනුම් සම්භාරයක් ලබාගැනීමට  හැකිවේවායි මා ප්‍රාර්ථනා කරනවා.
     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, ශ්‍රී ලංකා මනෝචිකිත්සක  විද්‍යාලයේ සභාපති මහාචාර්ය ෂෙහාන්  විලියම්ස් මහතා,  ලේකම් වෛද්‍ය සංජීවන අමරසිංහ, භාණ්ඩාගාරික වෛද්‍ය අරුණි හපන්ගම ඇතුලු මනෝචිකිත්සක වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya