මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍යයි

    සැප්තැම්බර් 30, 2020

    මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව පරිසර කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතා බව පවසයි.මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලූ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අසත්‍ය ප්‍රචාරයන් බවත්,අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    රජය අපකීර්තියට පත් කිරිමේ අරමුණින් මෙය සිදු වන බව පැවසු ඇමතිවරයා, විරුද්ධ පක්ෂයේ නායකතුමා පවසන ආකාරයට පරිසර හානියක් සිදු වි නොමැති බවත් එසේ සිදු වි ඇත් නම් ඒ සම්බන්ධයෙන් මිට පෙර අවස්ථා කිහිපයක දි තමා හා විවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව ද ඇමති පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    එසේම ආනවිදුන්දාවේ ඇති වු ගැටලුවේ දි ඊට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු පාර්ශවයන් නඩු පැවරිම් හා අත්අඩංගුවට ගැනිම් සිදු කර ඇති බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya