මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වෙයි  

    සැප්තැම්බර් 30, 2020

    ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීමේ උළෙල බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීය.

    රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩබලන) ශාමිණි අත්තනායක, සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, මහාචාර්ය ධනපාල විජේසිංහ, මහාචාර්ය වසන්තා සුබසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු සහ සමාජ සංවර්ධන ආයතනයේ නිලධාරීහු පිරිසක් ඊට සහභාගි වූහ.

    ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සමාජ සවිබලගැන්වීම යන තේමාවම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන අතර ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ප්‍රධාන කාර්යභාරය තම අමාත්‍යාංශ වෙත පැවරී ඇති බවයි. මේ වන විට සමාජ ක්‍රියාකාරකම්වලින් ඈත් වී සිටින තරුණ පරම්පරාව ඒ සඳහා එක්කර ගැනීමේ අවශ්‍යතාවයත්, පවතින සමාජ සංවර්ධන පාඨමාලාවන් අදට වඩාත් ගැළපෙන ආකාරයෙන් සකස් කිරීමේ අවශ්‍යතාවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya