මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ප්‍රධානත්වයෙන් චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින ශ්‍රී ලංකා සැමරුම පැවැත්වෙයි

    සැප්තැම්බර් 28, 2020

    ශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 28 දින පස්වරුවේ පැවැත්විණි.

    චිං රාජ වංශය බිදවැටීමත්, වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහිකිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

    චීන රජය සංවිධානය කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය ද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදුවිය.මෙයට සමගාමීව චීන-ශ්‍රී ලංකා පාසල් ළමුන් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටද අග්‍රාමාත්‍යතුමා එක්විය.


    ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, වැඩබලන ශ්‍රී ලංකා චීන තානාපති හූ වෙයි, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජෙනත් ද සිල්වා මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya