අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යයේ දැක්මෙන් රට ගොඩ නැගෙනවිට එහි උපරිම සංවර්ධනය හා ආර්ථික ප්‍රතිලාභ පොළොන්නරුව ජනතාවට අත්කර දීමට කටයුතු කරනවා

    සැප්තැම්බර් 20, 2020

    ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මෙන් රට ගොඩ නැගෙනවිට එහි උපරිම සංවර්ධනය හා ආර්ථික ප්‍රතිලාභ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අත්කර දීමට කටයුතු කරන බව ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, රොෂාන් රණසිංහ මහතා පැවසුවේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ,සැප්තැම්බර් 17 උදෑසන පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීයි.

    මෙහිදී දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර පවතින ගැටළු හා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ව්‍යාපෘති වාර්තාවන්ද ඉදිරිපත් කෙරිණි. 

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ,දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිළධාරින් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya