මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂිත සමාජයීය අපරාධකරුවන් සම්බන්ධයෙන් පශ්චාත් සෝදිසි කිරීම් වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 05, 2020

    සිර දඬුවම් විඳ අවසන්ව පැමිණෙන ළමා අපයෝජකයන් වැනි විශේෂිත සමාජයීය අපරාධකරුවන් සම්බන්ධයෙන් පශ්චාත් සෝදිසි කිරීම් සිදු කිරීමට තමන් විසින් කටයුතු කිරීමට සූදානම් බවත්, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් උපයෝගී කරගැනීමට හැකියාවක් පවතින බවත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    රජයේ නිල වෙබ් අඩවිය news.lk සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.


    මේ වන විට ඉහත සඳහන් කළ විශේෂිත අපරාධකරුවන් අධීක්ෂණය කරන්නේ කෙසේද යන්නත් ඒ සඳහා යොදාගන්න උපායමාර්ග කෙසේද යන්නත් සාකච්ඡා කරමින් සිටින බවත්, නුදුරේදීම මෙම කටයුත්ත පටන් ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.


    සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීමේ අවධානමක් පවතින සමාජවල සිටින දරුවන් සම්බන්ධයෙන් කිසියම් අධීක්ෂණයක් කරන්නේ ද යන්න news.lk විමසු විට අමාත්‍යවරිය පැවසුවේ පසුකාලීනව අපරාධකරුවන් වන බොහෝ දෙනා කුඩාකළ අපරාධවල ගොදුරු බවට පත්ව සිටින අය බවත්, කුඩා දරුවන් අපරාධවල ගොදුරු වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya