මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන රැගත් නෞකාවෙන් යම් හෙයකින් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්

    සැප්තැම්බර් 04, 2020

    ගිනි ගැනීමකට ලක්ව තිබෙන ඉන්ධන රැගත් නෞකාවෙන් යම් හෙයකින් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා මේ වනවිටත් අවශ්‍ය පියවර හා සැලසුම් සකස් කර තිබෙන බව  මුද්‍ර පරිසර අධිකාරියේ සභාපති දර්ශනී ලහන්පුර මහත්මිය පැවසුවාය.

    මේ සඳහා කලාපීය වශයෙන් ජාත්‍යන්තරයෙන් ද සහාය ඉල්ලා තිබෙන බවත් එම සහාය ද ලැබෙන බවත් ශ්‍රී ලංකාව සතු සියලු පහසුකම් මේ සඳහා යෙදවීමට කටයුතු කරතිබෙන බවත්  සභාපතිනිය සඳහන් කළාය.

    මෙම සිදුවීම සාගරික පරිසර පද්ධතියට බරපතල තර්ජනයක් විය හැකි බවත් යම් හෙයකින් බොරතෙල් සාගරයට කාන්දුවීමක් සිදුවුවහොත් එය ගෝලීය වශයෙන් ද බලපෑ හැකි පාරිසරික  තර්ජනයක් විය හැකි බවද සඳහන් කළ සභාපතිවරිය, මේ තත්ත්වය මත්ස්‍යයන් ට ද බලපෑ හැකි බව කීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව,ගුවන් හමුදාව,ඇතුළු මේ සඳහා වගකිව යුතු සියලු ආයතන උපරිම උත්සහයෙන් ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් එය  සාර්ථක වේ යැයි තමන් විශ්වාස කරන බවත් දර්ශනී ලහන්පුර මහත්මිය පැවසුවාය.

    යම් හෙයකින් මෙම නෞකාවෙන් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් ඒ නිසා සිදුවන හානිය සඳහා යම් වන්දියක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන බවත්, එමෙන්ම සමුද්‍රීය අපරාධමය වරදක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකි බවත් දර්ශනී ලහන්පුර මහත්මිය පැවසුවාය

    පැනමා ධජය රැගත් තෙල් නෞකාවක් සංගමන් කන්ද ආශ්‍රිත මුහුදේදී අනතුරට භාජනය වීම සහ මේ වන විට එය ගිනි ගනිමින් පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු නැගූ පැණයට පිළිතුරු වශයෙන් ඇය පැවසීය.

    මෙහිදී යම් ආකාරයක සිවිල් වගවීම සහ සමුද්‍රීය අපරාධ යන දෙක තුළින්ම අදාළ සමාගමෙන් යම් රක්ෂණයක් අයකර ගැනීමට හැකියාවක් පවතින බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කරමින් පවතින බවත් ලහන්පුර මහත්මිය පැවසුවාය.

    ඇය වැඩිදුරටත් පැවසුවේ සිවිල් වගවීමේ සම්මුතිය හරහා මෙන්ම ෆන්ඩ් සම්මුතිය හරහා යන දෙකෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් ඒ හරහා ශ්‍රී ලංකා රජයට සිදුවූ අහිමිවීම පියවා ගැනීම කෙරෙහි හැකියාවක් ඇති බවත්ය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රියර් අද්මිරාල් වයි එන් ජයරත්න මහතාද පැවසුවේ අපරාධමය ක්‍රියාදාමයක් සඳහා යා හැකි බවත්, 2009 වසරේදී යම් අම්ලයක් ලංකා මුහුදු තීරයට කාන්දු වීම හේතුවෙන් අදාළ සමාගම හරහා වන්දියක් ලබා ගැනීමට  හැකිවූ බවත්ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya