මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සේවා සභාවේ පුහුණුවට යොමුවන තරුණයින්ට වෘත්තීය පුහුණු අධිකාරියේ දායකත්වය හා සහයෝගීත්වය ලබා ගැනීමට සාකච්ඡාවක්

    සැප්තැම්බර් 04, 2020

    තරුණ සේවා සභාවේ පුහුණු පාඨමාලා සදහා යොමුවන තරුණයින්ට වෘත්තීය පුහුණු අධිකාරියේ දායකත්වය හා සහයෝගීත්වය ලබා ගැනීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අතර හමුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    දේශීය මෙන්ම විදේශීය රැකියා ඉලක්ක කර සිදුකළ යුතු පුහුණු පාඨමාලා හදුනාගෙන ඒ සදහා වැඩි අවධානයක් යොමු කර අමාත්‍යාංශ දෙක තුළම තිබෙන සම්පත් උපයෝගී කරගෙන පුහුණු වැඩසටහන් දියත් කිරීම වඩා ඵලදායී බව සාකච්ඡා කෙරිණි.

    ගෝලීය රැකියා වෙළදපොලට සරිලන පරිදි සපුරා ගත යුතු සුදුසුකම් හා ඒ සදහා තෝරාගතයුතු පාඨමාලා පිළිබද නිවැරදි උපදේශනයක් හා මාර්ගයන් පිළිබද තරුණ දරුවන් දැනුවත් කිරීමට යොවුන් සේනාංක වැඩමුළු වඩාත් උචිත බවත්, තරුණ තරුණියන්ට අනාගතේ හොද රැකියා අවස්ථාවන් කරා යොමුවීමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දීමත් මෙම අමාත්‍යාංශ දෙකෙහිම වගකීම බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන ලදි.

    වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන්ගේ තොරතුරු පරිගණක ගත කොට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ව්‍යාපෘති සදහා පැමිණෙන ආයෝජකයන්ට එම දත්ත පද්ධතිය වෙත පිවිසීමට අවසර ලබා දී ඔවුන් ව්‍යාපෘතිය සදහා ආයෝජනය කරන ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රැකියා අවස්ථාවන් විවර කරදීමේ පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යාංශ දෙකේම අවධානය යොමු වූ අතර, ඒ සදහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා අමාත්‍යාංශ ලේකම්වරු හට උපදෙස් ලබා දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya