මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ ගැටළුව ද විසඳමින් ලංකාගම ඇති වූ සිද්ධිය කළමණාකරණය කිරීමට පියවර- ජනපති ස්ථානය නිරීක්ෂණයට- අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 28, 2020

    පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්නා අතරම ජනතාවගේ ගැටළුවද විසඳමින් ලංකාගම ඇති වූ සිද්ධිය කළමණාකරණය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (29) දිනයේ දී එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය අද(28) පෙරවරුවේදී ආරම්භ වූ අතර එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තවද පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව ප්‍රදේශයේ ඇති වූ පරිසර හානියක් පිිලිබඳවද තමාට පැමිණිලි ලැබුණු බව සහ එම සිද්ධිය පිළිබඳවද සොයා බැලීමට අදාළ අංශ වලට උපදෙස් දුන් බවත් කිසිදු අවස්ථාවක පරිසර හානියක් ඇති වීමට තමා ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කීය.

    දරුවන් සඳහා ගෙන්වන සෙල්ලම් භාණ්ඩ වැනි ප්ලාස්ටික් භාණ්ඩ ගෙන්වීම අවම කිරීමට සහ පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය සඳහා මැටි කර්මාන්තය පිළිබඳව පත් වූ නව රාජ්‍ය අමාත්‍යවරයාට මෙන්ම අනෙකුත් අමාත්‍යවරුන්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ඒ මහතා කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ නැවත මේ රටේ ජාතිවාදී අරගල පාර්ලිමේන්තුවේදී සිදු නොකරන ලෙසත් ජාතින් අතර සමගිය ගොඩනැගෙමින් යන මෙවැනි සමයක අසමගිය ඇති වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya